Cricket NewsEXCLUSIVEInternational

සිය අවසන් තරඟය ක්‍රීඩා කිරීම සඳහා ජැමෙයිකාව තුල තරඟයක් ඉල්ලු ක්‍රිස් ගේල්ට එම අවස්ථාව අහිමි වෙයි.!

අයර්ලන්තයට සහ එංගලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබෙන එක්දින හා විස්සයි-20 තරගාවලි සඳහා සහභාගී වන බටහිර ඉන්දීය කොදෙව් සංචිත නම් කිරීමට පසු ගිය දා කටයුතු කර තිබෙනවා.

එම සංචිත සඳහා ප්‍රහාරාත්මක පිතිකරු ක්‍රිස් ගේල් නම් කර නොතිබීම විශේෂත්වයක් වන්නේ මින් පෙර ක්‍රිස් ගේල් විසින් කොදෙව් දේශයේ පැවැත්වෙන අවසන් තරඟයක් ඔහුට ලබා දෙන ලෙස ඉල්ලීමක්ද සිදු කර තිබීම හේතුවෙනි.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අයර්ලන්තය සමගින් එක්දින තරග 3කට සහ විස්සයි 20 තරගයකට ක්‍රීඩා කිරීමට නියමිත අතර එක්දින තරගාවලිය ආරම්භ වන්නේ ජනවාරි මස 8 වැනිදා ආරම්භ වේ.

අනතුරුව බාර්බඩෝස් හිදී එංගලන්තය සමගින් විස්සයි 20 තරග 5ක් ද ක්‍රීඩා කිරීමට නියමිතය.

එම තරගාවලිය සඳහා සහභාගී වන බටහිර ඉන්දීය කොදෙව් සංචිත මේ වනවිට නම් කර ඇති අතර ආබාධයක් හේතුවෙන් පාකිස්තාන සංචාරයට එක් නොවු නිත්‍ය නායක කයිරන් පොලාඩ් යළි කොදෙව් නායකත්වයට පත් කර තිබේ.

මේ අතර, ප්‍රහාරාත්මක පිතිකරු ක්‍රිස් ගේල් මෙම කිසිදු සංචිතයක් සඳහා නම් කර නොතිබෙන අතර ඔහුට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීම සඳහා සමුගැනීමේ තරගයක් ඉදිරියේදී ලබාදීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය කටයුතු කිරීමට නියමිත බව වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button