Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධුරය සඳහා සීතල යුද්ධයක් !

ලොව පුහුණුකරුවන් සඳහා ඉහලම ගෙවීමක් කරන රටවල් අතර සිව්වැනි තැන හිමි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කරු ධුරය සඳහා විදෙස් ජාතිකයෙකු පත්වීමට නියමිත බව සඳහන් වූයේ මීට මාස කිහිපයකට පෙරාතුවය.

එහි ප්‍රතිඵලයක් වශයෙන් මීට සතිකයට පමණ ඉහතදී සඳහන් වූයේ වත්මන් එංගලන්ත වෝක්ශයර් ප්‍රාන්ත කණ්ඩායමේ අධ්‍යක්ශ පෝල් ෆ්‍රාබේස් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය භාර ගැනීමට සියල්ල සූදානම් බවය.

කෙසේ නමුත් ඊයේ දිනය වන විට සඳහන් වූයේ එම තනතුර ෆ්‍රාබේස් විසින් ප්‍රතික්ශේප කර ඇති බවය.

පෝල් ෆාබ්‍රේස් ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු තනතුර ප්‍රතික්ෂේප කිරීමත් සමඟ එම තනතුර සඳහා විදෙස් පුහුණු කරුවන් වන ග්‍රාන්ට් බ්‍රැඩ්බර්න් සහ සයිමන් හෙල්මට් අතර මේවන විට සීතල යුද්ධයක් නිර්මාණය වෙමින් ඇති බව අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා.

බ්‍රැඩ්බර්න් නවසීලන්තය, පකිස්තානය සහ ස්කොට්ලන්තය යන රටවල පුහුණුවීම් කර ඇති අතර හෙල්මට් ඔස්ට්‍රේලියාවේ ‘ඒ’ කණ්ඩායමේ සහ සන්රයිසස් හයිද්‍රාබාද් ඇතුළු විවිධ කණ්ඩායම්වල පුහුණුකරු ලෙස කටයුතු කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7