Cricket NewsEXCLUSIVEInternational

“මගේ Dream Hat-Tric එක විරාට් කෝලි, රෝහිත් ශර්මා සහ KL රාහුල්ව පිට පිට දවා ගැනීම” – ශහීන් අෆ්රිඩි

2021 වසරේ ICC ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය හිමි වූයේ පාකිස්තාන සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ශහීන් අෆ්රිඩි හටයි.

පසුගිය 2021 වසරේ ඔහු දැක් වූ දස්කම් සැලකිල්ලට ගනිමින් ඔහුව වසරේ ක්‍රීඩකයා ලෙස නම් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය පසුගියදා කටයුතු කරනු ලැබුවා.

එමෙන්ම මේ වනවිට පාකිස්තාන සුපර් ලීග් තරඟාවලිය ආරම්භ වී තිබෙනවා.

එම තරගාවලියට අදාළව පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශහීන් අෆ්රිඩි මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙනු ලැබුවා.

එහිදී මාධ්‍යවේදීන් විසින් ශහීන් අෆ්රිඩිගෙන් ඔහුගේ සිහින කඩුල්ල කවුරුන්දැයි විමසා සිටියා.

එයට පිළිතුරු ලබා දෙමින් ශහීන් අෆ්රිඩි පවසා සිටියේ තමන්ගේ සිහින කඩුල්ල මෙන්ම වටිනාම කඩුල්ල වන්නේ හිටපු ඉන්දීය නායක විරාට් කෝලිගේ කඩුල්ල බවයි.

එමෙන්ම එහිදී මාධ්‍යවේදීන් ඔහුගේ සිහින කඩුලු ත්‍රිත්වය ද නම් කරන ලෙස ඉල්ලා සිටි අතර ඒ අනුව ශහීන් විසින් ඔහුගේ සිහින කඩුලු ත්‍රිත්වය නම් කරනු ලැබුවා.

එයටද ඇතුළත් වූයේ විරාට් කෝලි, රෝහිත් ශර්මා සම KL රාහුල්ය.

Espn Cricinfo විසින් මෙම මාධ්‍ය හමුව පවත්වා තිබුනා.

එහිදී වැඩිදුරටත් දැක් වූ ශහීන්,

මම වඩාත්ම කැමතිම කඩුල්ල සහ වටිනාම කඩුල්ල විරාත් කෝලිගේ කඩුල්ල, ඒ වගේම මගේ සිහින කඩුළු ත්‍රිත්වය විරාත් කෝලි ,රෝහිත් ෂර්මා, KL රාහුල් යන තිදෙනායි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7