Cricket NewsDomestic CricketEXCLUSIVE

දසුන්ගෙන් තවත් ශතකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග සිවුදින ක්‍රිකට් තරගාවලියේ මහනුවර කණ්ඩායම සහ කොළඹ කංංණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන සිවුදින තරගයේ පළමු දිනය වූ අද (28 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි කොළඹ කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 8 ක් දැවී ලකුණු 330 ක් ලබා සිටියේය. එහිදි තම දෙවැනි ශතකය වාර්තා කිරීමට හිටපු ශ්‍රී ලංකා සීමිත ඕවර නායක දසුන් ශානක ඊයේ සමත් විය.

එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ දසුන් ශානක හතරේ පහර 14 ක් සමග ලකුණු 110 ක් රැස්කළ අතර හිමාෂ ලියනගේ (46) සමග එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 118 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද දසුන් සමත් විය. හිමාෂගේ ඉනිම හයේ පහරක් සහ හතරේ පහර 2 කින් සමන්විත විය.

පළමු දිනය අවසන් වන විට පන්දුවට පහර දෙමින් සිටි නිසල තාරක හතරේ පහර 2 ක් සමග ලකුණු 21 ක්ද, තරිදු රත්නායක හතරේ පහර 2 ක් සමග ලකුණු 16 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. දුනිත් වෙල්ලාලගේ ලකුණු 37 ක් ලබාගත්තේ හතරේ පහර 5 ක් සමගිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
0
+1
1
+1
1
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button