Cricket NewsEXCLUSIVELPL

වනිදු හසරංගගේ පන්දුවාරයකටත් දැවැන්ත හයේ පහර 4ක් එල්ල කල “ලහිරු සමරකෝන්” Dambulla Giants සමග එක් වෙයි.!

පසුගිය දෙසැම්බර් 5 වන දා සිට ආරම්භ වූ ශ්‍රී ලාංකේය ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුලික වටයේ අවසන් තරගය මේ වන Kandy Warriors සහ Colombo Stars කණ්ඩායම් අතර පැවැත්වෙන අතර මේ වන විටත් Jaffna Kings, Galle Gladiators සහ Dambulla Giants යන කණ්ඩායම් ත්රිත්වය මෙවර තරඟාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත්ව සිටිනවා.

මේ අතර වර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබා සිටින Dambulla Giants කණ්ඩායමට තුන් ඉරියව් ක්‍රිඩක ලහිරු සමරකොන් එක්කරගෙන තිබෙන බව විශ්වාසනීය ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කර සිටිනවා.

පසුගිය ලෝක කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලියට පෙර පැවති ඩයලොග් ආරාධිත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ඉතා විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් වූ ලහිරු සමරකෝන් අති දක්ෂ යොවුන් ක්‍රිඩකයෙකි.

වරක් මේ වන විට ලොව විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හි අංක 01 පසුවන වනිදු හසරංග විසින් යොමු කරන ලද පන්දු වාරයක් තුළ දැවැන්ත හයේ පහර 4ක්ද එල්ල කිරීමට ලහිරු සමරකෝන් සමත් වුණා.

එවැනි විශිෂ්ට දස්කම් දැක්වූ ලහිරු ඒ අනුව මෙවර ලංකා ප්‍රිමියර් ලීගයේ Dambulla Giants සමග සිය දස්කම් දක්වනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7