Cricket NewsEXCLUSIVELPL

දකුණු රටේ “Galle Gladiators” දණ ගැස්වූ කොළඹ රජවරු LPL ගමන් මග ජයග්‍රහණයකින් අරඹයි.!

ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ඊයේ ආරම්භ වූ අතර මෙවර තරගාවලියේ තෙවන තරගය ලෙස Colombo Stars සහ Galle Gladiators කණ්ඩායම් අතර පැවැති තරගයෙන් කඩුළු 5ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට Colombo stars කණ්ඩායම සමත්වුණා.

අද තරඟයේ කාසියේ වාසිය දිනූ ගාල්ල නායක භානුක රාජපක්ෂ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඒ අනුව පිටියට පිවිසි Galle Gladiators පිතිකරුවන් ඉතා දුර්වල ක්‍රිඩා විලාසයක් පෙන්නුම් කල අතර ඔවුන් නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 8ක් දැවී ලකුණු 116ක් පමණක් ලබා ගනිමිනි.

Galle Gladiators වෙනුවෙන් Ben Dunk ලකුණු 38 ක් වාර්තා කළ අතර ඉසුරු උදාන ලකුණු 25 ක් රැස්කර ගත්තා.

පන්දු යැවීමේදී ධනංජය ද සිල්වා, දුෂ්මන්ත චමීර සහ අකිල දනන්ජය කඩුලු 2 බැගින් බිඳ හෙළීමට සමත් වුණා.

අනතුරුව ලකුණු 117ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Colombo Stars පිතිකරුවන් පන්දුවාර 17ක් සහ පන්දු 3ක් අවසානයේ කඩුලූ 6ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර යෑමට සමත් වුණා.

Colombo Stars කණ්ඩායම වෙනුවෙන් David Wise ලකුණු 22ක් රැස් කළ අතර නායක ධනංජය ද සිල්වා ලකුණු 24 ක් රැස්කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී නුවන් තුෂාර සහ පුළින තරංග කඩුලු 2 බැගින් බිඳ හෙලුවා.

තරඟාවලියේ වීරයා සම්මානය හට හිමි වුයේ පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද දස්කම් දැක්වූ Colombo Stars නායක ධනංජය ද සිල්වා හටයි.

ඒ අනුව පන්දුවාර 18කුත් පන්දු 2ක් අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 117 රැස් කර ජයග්‍රහණය තමන් සතු කර ගැනීමට Colombo Stars සමත් වුයේ ප්‍රභල Galle Gladiators පරාජය කරමිනි.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7