Cricket NewsEXCLUSIVEWoman Cricket

වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රිඩිකාව වෙනුවෙන් පිරිනමන “ICC වසරේ ක්‍රිඩිකාව” සම්මානයෙන් Smriti Mandhana පිදුම් ලබයි.!

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් වසරක් අවසානයේම පවත්වනු ලබන වසරේ විශිෂ්ටතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සම්මානයට පාත්‍ර වන “ICC සම්මානය උළෙලේ” මෙවර විශිෂ්ටතම වස⁣රේ ක්‍රිකට් ක්‍රිඩිකාව සඳහා වන ICC වසරේ ක්‍රිකට් ක්‍රිඩිකාව සම්මානය සඳහා ඉන්දීය සුපිරි ආරම්භක පිතිකාරිණී Smriti Mandhana තේරි පත් වී සිටිනවා.

නුදුරේම පැවැත්වෙන ICC සම්මාන උළෙලේ දී ඇයට මෙම සම්මානය හිමි වීමටද නියමිතය.

ගෙවී ගිය වසර තුළ සියලුම ආකාරයේ ජාත්‍යන්තර තරග 22 කදී ශතකයක් සහ අර්ධ ශතක 5 ක් සමග ලකුණු 855 ක් රැස්කිරීමට Smriti Mandhana සමත් වූ අතර එහිදී ඇගේ ලකුණු රැස්කිරීමේ සාමානයය 38.86 ක අගයක් ගෙන තිබෙනවා.

දකුණු අප්‍රිකාවට එරෙහිව ඉන්දියාවේදී පැවැති සීමිත ඕවර තරග 8 කදී ඉන්දියාව ලැබූ ජයග්‍රහණ දෙක සඳහාම Smriti Mandhana සිය පිත්තෙන් දායකත්වය සැපයූවා.

දෙවැනි එක්දින තරගයේදී ලකුණු 158 ක ඉලක්කයක් හඹා යමින් සිටි ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් නොදැවී ලකුණු 80 ක් රැසකළ Mandhana, අවසන් විස්සයි-20 තරගයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව නොදැවී ලකුණු 48 ක් රැස්කිරීමට සමත් වූනා.

එංගලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ලකුණු 78 ක් රැස්කළ Mandhana, ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති එක්දින තරගාවලියේ දෙවැනි තරගයේදී ලකුණු 86 ක් රැස්කළාය.

ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගයේදී සිය මංගල ශතකය ලබාගත් ඇය එම තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසද සම්මාන දිනා ගැනීමට සමත් වුනා.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7