Cricket NewsEXCLUSIVELPL

තියුණු තරඟයක් අවසානයේ ප්‍රභල B-Love Kandy කණ්ඩායම ලකුණු 9කින් පරාජය කළ Colombo Strikers කණ්ඩායමේ අවසන් වටයේ බලපොරොත්තු තව දුරටත් ඉහළට.!

ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ රැදී සිටි Colombo Strikers කණ්ඩායමට තවදුරටත් තරගාවලිය තුළ රැදී ඉන්නවාද නැද්ද යන්න තීරණාත්මක තරගයක් ලෙසින් B-Love Kandy පිලට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 09 ක ජයක් වාර්තා කළ Colombo Strikers කණ්ඩායම තරගාවලියේ අවසන් කණ්ඩායම් 4 හෙවත් PLAY-OFF තරග වටය සදහා තවදුරටත් බලාපොරොත්තු රඳවා ගැනීමට ඊයේ (13 දා) රාත්‍රියේදී සමත්වූහ.

ලකුණු 170 ක ඉලක්කයක් හඹා යෑමේදී මතීෂ පතිරණ ප්‍රමුඛ Colombo Strikers පන්දු යවන්නන් හමුවේ ප්‍රබල පිතිකරුවන්ගෙන් සමන්විත B-Love Kandy කණ්ඩායමට රැස් කර ගත හැකි වූයේ පන්දුවාර 20 අවසනදී කඩුලු 8 ක් ලකුණු 160 ක් පමණි.

පන්දු 21 කට මුහුණ දුන් වනිඳු හසරංග හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 40 ක් ද අසීෆ් අලී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමගින් පන්දු 15 කදී ලකුණු 33 ක් ද ලබා ගත්තත් ජෙෆ්රි වැන්ඩර්සි සහ මතීෂ පතිරණ පැමිණ ඔවුන්ගේ ඉනිමට හරස් කැපීය. කෙසේ වෙතත් අෂේන් බණ්ඩාර පන්දු 18 කදී ලකුණු 22 ක් රැස් කරමින් තරගය ජයකණුව කරා රැගෙන යෑමට උත්සාහයක් ගත්තද අවසන් පන්දුවාර 2 යැවූ නසීම් ෂා සහ මතීෂ පතිරණ ලකුණු 16 කට සීමා කිරීමට සමත්වීම නිසා ජයග්‍රාහණයකින් සැනසීමට Colombo Strikers කණ්ඩායමට හැකියාව ලැබිණ. තරගය නිමා වන විට මතීෂ ලකුණු 32 කට කඩුලු 2 ක්ද වැන්ඩර්සි ලකුණු 39 කට කඩුලු 2 ක් දවාගෙන සිටියහ.

අද තරගය වනවිටත් ප්‍රසාද ලකුණු සටහනේ ජයග්‍රහණ 2 ක් පමණක් ලබා සිටි Colombo Strikers පිල එහි අවසන් ස්ථානයේ රැදී සිටියේය. කෙසේ වෙතත් අද දිනයේ ලත් ජයග්‍රහණයත් සමඟ ප්‍රසාද ලකුණු පුවරුවේ පහළින්ම රැදී සිටි Colombo Strikers කණඩායම තවත් ප්‍රසාද ලකුණු 2 ක් එකතු කර ගනිමින් තෙවැනි සහ සිව්වැනි ස්ථාන වල පිළිවෙළින් සමතැන් ගෙන සිටින ජැෆ්නා කිංග්ස් සහ ගෝල් ටයිටෑන්ස් කණ්ඩායම් සමගින් සම තැන් ගත්තේය.

ඒ අනුව ලබන 15 වැනිදා පැවැත්වීමට නියමිත ගෝල් ටයිටෑන්ස් සහ Colombo Strikers අතර තරගයේ ජය ගනු ලබන කණ්ඩායම අවසන් කණ්ඩායම් 4 අතරට සුදුසුකම් ලබනු ඇත. එහෙත් එම තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණහොත් පමණක් මෙම කණ්ඩායම් දෙකටම අවසන් කණඩායම් 4 අතර තරග වටයට යෑමට අවස්තාව සිදුවන අතර ජැෆ්නා කණ්ඩායමට තරගාවලියෙන් ඉවතට යෑමට සිදුවනු ඇත.

පළමු පන්දුවාර 2 ඇතුළත යවන ලද පන්දු 4 ක් තුළදී බාබර් අසාම් සහ ළහිරු උදාරගේ කඩුලු දවා ගැනීමට ඇන්ජලෝ මැතිව්ස් සමත්වීම නිසා Colombo Strikers කණ්ඩායමේ ආරම්භය මන්දගාමී ස්වරූපයක් ගත්තේය. මොවුන් දෙදෙනාම පිටියෙන් ඉවත් වන විට ලකුණු 28 ක් ලෙසින් සටහන් විය. කෙසේ වෙතත් පැතුම් නිස්සංකට එක් වුණු LPL පිටියට කෝඩුකාර නිපුන් ධනංජයගේ ධෛර්යවන්ත පිතිහරඹය පෙරමුණු කොට නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 9 කට ලකුණු 169 ක සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් B-Love Kandy කණ්ඩායම හමුවේ ලබා දීමට Colombo Strikers කණ්ඩායමට හැකියාව ලැබිණ.

එල්.පී.එල්. තරග පිටියේ තෙවැනි අර්ධ ශතකය අද දිනයේ වාර්තා කළ පැතුම් නිස්සංක ලබා ගත් ලකුණු 51 ක සදහා හේ පන්දු 38 කට මුහුණ දුන්නේය. එ් ඊට හයේ පහරක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් කරමිනි. ඔහුට නොමඳ සහායක් ලබා දුන් නිපුන් ධනංජය පන්දු 46 කදී ලකුණු 69 ක සම්බන්ධතාවක් පැවැත්වීමට දායකත්වය දැක්වීය. ඔහුගේ ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර කින් වර්ණවත් විය.

එහෙත් පළමු වතාවට මෙම තරගාවලියේ තරගයකට සහභාගිවුණු වනිඳු හසරංගගේ වැඩි මහල් සොහොයුරු චතුරංග ද සිල්වාගේ පන්දුවකට අසීෆ් අලී අතට උඩ පන්දුවක් දී ධනංජය දැවී යන විට මුලු ලකුනු සංඛ්‍යාව කඩුලු 3 ට ලකුණු 97 ක් ලෙසින් සටහන් විය.

අනතුරුව ක්‍රියාමස්ත වුණු වනිදු හසරංග පිට පිටම පන්දු දෙකකදී පැතුම් සහ ඉෆ්තිකාර් අහමඩ්ගේ කඩුලු දවා ගැනීම නිසා තරගයේ යළි වැඩි වාසි B-Love Kandy කණ්ඩායම වෙත නැඹුරු විය. කෙසේ වෙතත් පිතිකරණ අනුපිළිවෙළේ යටින් පහළින් පැමිණි නුවනිඳු ප්‍රනාන්දු පන්දු 9 කදී ලකුණු 15 ක්ද චාමික කරුනාරත්න පන්දු 9 කදී ලකුණු 17 ක්ද වශයෙන් රැස් කිරීම නිසා ප්‍රබල B-Love Kandy කණ්ඩායමට සටනක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට Colombo Strikers කණ්ඩායමට හැකියාව ලැබිණ.

තරගයේ වීරයා සම්මානය හිමි වුයේ පැතුම් නිස්සංක හටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button