Cricket NewsEXCLUSIVEInternational

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට පළමු කඩුලු දෙක සඳහා ද්විත්ව ශතක සබඳතා දෙකක් !

සංචාරක අයර්ලන්තයට එරෙහිව පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් තරඟයේ සිව්වැනි දිනය අදයි.ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ මීට පෙර කිසිදා නොවූ සුවිශේෂී වාර්ථාවක් පිහිටුවීමට අද ශ්‍රී ලංකා පිතිකරුවන් සමත් විය.

කලකට පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු පිතිකරුවන් තිදෙනාම ශතක ලබාගත් අතර ඊයේ දිමුත් කරුණාරත්න සිය 16 වැනි ශතකයත් කුසල් මෙන්ඩිස් 9 වැනි ශතකයත් නිශාන් මධුශ්ක සිය මංගල ටෙස්ට් ශතකයත් රැස් කිරීම කැපී පෙනුණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට ඕනෑම කඩුලු දෙකක් සඳහා පිට පිට ද්විත්ව ශතක සබඳතා දෙකක් පිහිටවූ පළමු අවස්ථාව වූයේ මෙයයි.ආරම්භක පිතිකරුවන් වූ නායක දිමුත් කරුණාරත්න හා නිශාන් මධුශ්ක අතර පළමු කඩුල්ල සඳහා ලකුණු 228 ක සබඳතාවයක් ගොඩ නැගුණු අතර දිමුත් දැවී යාමෙන් අනතුරුව කඩුල්ලේ එක්වූ කුසල් මෙන්ඩිස් හා නිශාන් මධුශ්ක අතර මේ වන විට නොදැවුණු ද්විත්ව ශතක සබඳතාවක් ගොඩ නැගී අවසන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
2
+1
7
+1
0
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button