BPLCricket NewsEXCLUSIVE

“කොදෙව් දැවැන්තයා” සුනිල් නරේන්ගේ සුපිරි තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් කොමිලා වික්ටෝරියන්ස් BPL 2022 ගූරයන් ලෙස කිරුළු පළඳියි.!

මෙවර බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරඟාවලියේ අවසන් මහා තරඟය ඊයේ ශරේ බංග්ලා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

අවසන් මහා තරඟය සඳහා ඉම්රුල් කායිස් නායකත්වය දරණ කොමිලා වික්ටෝරියන්ස් හා ශකීබ් අල් හසන් නායකත්වය දරණ ෆෝචූන් බැරිශල්ස් කන්ඩායම සුදුසුකම් ලබාගෙන තිබුණි.

තරඟයේ කාසියේ වාසිය දිනාගනිමින් කොමිලා වික්ටෝරියන්ස් පිළ මුලින්ම පන්දුවට පහර දෙන්නට තීරණය කලේය.

මුලින්ම පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසි කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9 ක් දැවී ලකුණු 151 ක් රැස් කලේය.ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි සුනිල් නාරීන් පන්දු 23 කදී ලකුණු 57 ක් රැස් කලේය.

එම ඉනිමට 6 පහර පහක් හා 4 පහර 5 ක් අන්තර්ගත විය.මෙවර තරඟාවලියේ වාර්තා වූ දෙවන වේගවත්ම අර්ධශතකයද මෙය වන අතර වේගවත්ම අර්ධ ශතක ද්විත්වයම නාරීන්ගේ පිත්තෙන් වාර්තා වීමද විශේෂත්වයකි.

මොයින් අලීද ලකුණු 38 ක් රැස් කරන්නට සමත් විය.පන්දු යැවීමේදී මුජීබ්-උර්- රහ්මාන් හා ශොරිෆුල් ඉස්ලාම් අතර කඩුලු 2 බැගින් බෙදී ගියේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 152 ක් හඹා ගිය ෆෝචූන් බැරිශල්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8 ක් දැවී රැස් කලේ ලකුණු 150 ක් පමණි.

තියුණු තරඟකින් අනතුරුව BPL අවසන් මහා තරඟය එක් ලකුණකින් කොමිලා වික්ටෝරියන්ස් ජයග්‍රහණය කලේය.

ඉනිමේ වැඩිම ලකුණු ලාභිහා වූ සායිකට් අලී ලකුණු 58 ක් රැස් කලේ හතරේ පහර 11 ක් හා එක් 6 පහරක් අන්තර්ගත විය.විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ සුනිල් නාරීන් ලකුණු 15 කට කඩුලු 2 ක් බිඳ දැමීය.

අවසන් මහා තරඟය ලකුණු 1 කින් ජයගත් කොමිලා වික්ටෝරියන්ස් තෙවැනි වරටත් ශූරතාවය දිනාගත්තේය.

තරඟයේ වීරයා ලෙසින් සුනිල් නාරීන් සම්මාන දිනාගත් අතර තරඟාවලියේ වීරයා ලෙසින් ෆෝචූන් බරිශල්ස් නායක ශකීබ් අල් හසන් සම්මාන දිනාගත්තේය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button