Cricket NewsEXCLUSIVE

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කෝලිට පලා නොකියා පලා බෙදයි – ඉන්දු ශ්‍රී ලංකා විස්සයි විස්ස තරඟාවලියෙනුත් කෝලි ඉවතට.!

හිටපු ඉන්දීය නායක විරාට් කෝලි සිය සුපුරුදු රිද්මයෙන් තරමක් පසුපසට ගොස් ඇති කාල වකවානුවකදී කෝලි හට විවිධ අසීරු අවස්ථා පසු කර යන්නට සිදු විය.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල නව සභාපති ලෙස සව්රව් ගංගුලිගේ ආගමනයත් සමඟින් කෝලි හට ක්‍රිකට් පරිපාලනය දෙසින්ද අමතර පීඩනයක් එල්ල වූ බව නොරහසකි.

කෙසේනමුත් අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග සනාථ කරන පරිදි ඉන්දීය ක්‍රීඩක විරාට් කෝලි, එලැඹෙන පෙබරවාරි මස 24 වැනිදා ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස තරඟාවලින් විවේක ගැන්වීමට නියමිත බව වාර්තා වනවා.

ඔහුගේ එම කාලය දීර්ඝ කළහොත් පළමු ටෙස්ට් තරඟයද කෝලි හට මඟ හැරී යනු ඇති අතර දෙවැනි ටෙස්ට් තරඟය සඳහා ඔහු සුදුසුකම් සපුරනු ඇත.

කෙසේ නමුත් මුලුමහත් ජාත්‍යන්තර මාධ්‍යම මෙය ගංගුලි ප්‍රමුඛ නව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් කෝලි වෙත දල්වන රතු එලියක්ද යන්න ප්‍රශ්නාර්ථ මතු කරන අතර, කෝලි වැඩි වශයෙන් තරඟාවලි වලින් විවේක ගැන්වීම තුලින් කෝලි හට තමන්ගේ කාලය නිමා වී ඇති බව වක්‍රාකාරයෙන් දැන් වීමට පල නොකියා පලා බෙදීම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නවතම පිළිවෙත වී ඇත්දැයි ජාත්‍යන්තර මාධ්‍ය තුල දැනටමත් දැඩි කතා බහක් නිර්මාණය කර අවසන්.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7