Cricket NewsEXCLUSIVE

ඉදිරි ඕස්ට්‍රේලියානු සංචාරයෙන් භානුක රාජපක්ෂ ඉවත් කිරීම පිළිබඳව ක්‍රිකට් ආයතනය හේතු පහදයි.!

ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබෙන ඔස්ට්‍රේලියානු තරඟ සංචාරය සඳහා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ තෝරා නොගත්තේ මන්දැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැහැදිලි කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් මෙරට ප්‍රකට පුවත් වෙබ් අඩවියක් වන NewsWire වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින්සඳහන් කර ඇත්තේ භානුක රාජපක්ෂට ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට අවශ්‍ය ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ තවමත් සිදු කර නොමැති බවයි.

ඔස්ට්‍රේලියානු තරගාවලියෙන් අනතුරුව පැවැත්වෙන ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 තරගාවලිය සඳහා නැවත සංචිතයට පැමිණීම ඉලක්ක කරගනිමින් භානුක ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණවලට මුහුණදීමට නියමිත බව ඔහු පවසා සිටිනවා.

මේ අතර එළඹෙන ඉන්දීය සංචාරය පිළිබඳව අදහස් දක්වා සිටි ඇෂ්ලි ද සිල්වා මහතා ටෙස්ට් තරඟවලට වඩා T20 තරඟාවලිය සමඟ තරඟාවලිය ආරම්භ කරන ලෙස ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් ඉල්ලීමක් කර ඇති බව සඳහන් කර සිටිනවා.

තරගාවලියේ වත්මන් කාලසටහනට අනුව පෙබරවාරි මස අග වන විට ටෙස්ට් තරග ඉන්දියාවේ පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට පන්දුවාර 20යි 20 තරඟාවලිය අවසන් කර ඕස්ට්‍රේලියාවේ සිට ආපසු ඉන්දියාව සමඟ පන්දුවාර 20යි 20 තරඟාවලියට කෙලින්ම යාමට අවස්ථාව ලබා දීම සඳහා පන්දුවාර 20යි 20 තරඟාවලිය පැවැත්වෙන පරිදි නැවත කාලසටහන වෙනස් කරන ලෙස ඉන්දියාවෙන් ඉල්ලා ඇති බවත් මෙහිදී ඇෂ්ලි ද සිල්වා මහතා සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බව පවසන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ සම්බන්ධයෙන් ඉන්දියාව ඉක්මනින් ප්‍රකාශයක් කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවද පවසා සිටිනවා.

ඒ අනුව භානුක රාජපක්ෂ ඉන්දියානු තරඟාවලියට පෙර පවත්වන ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වුවහොත් ඔහුට ඉන්දියාව සමග පැවැත්වෙන තරඟාවලිය නියෝජනය කිරීමේ හැකියාව පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button