Cricket NewsEXCLUSIVEWoman Cricket

අපරාජිතව තරඟාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට දිවයිනට පැමිණීමේදී උණුසුම් පිළිගැනිමක්.!

මෙවර එංගලන්තයේ බර්මිංහැම් නුවර පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ, ක්‍රිකට් තරග සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දී ජයග්‍රහණය අත්කර ගත් චමරි අතපත්තු ඇතුළු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (26) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපලින් ශ්‍රී ලංකාවට පැමිණියා.

මෙම සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලිය මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර දී පැවැත්වුනු අතර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.315 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියා.

ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩිකාවන් 18 දෙනෙකු සහ නිලධාරීන් 10 දෙනෙකු ඇතුළත් වී සිටින අතර ජයග්‍රාහි ශ්‍රී ලංකා කාන්ත කණ්ඩායම පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටීමත් විශේෂත්වයක්.

ශ්‍රී ලංකා කණ්ඩායම පැමිණි අවස්ථාවේ ජයාරූප කිහිපයක් පහතින්,

01

02

03

04

05

06

07

08

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button