Cricket NewsEXCLUSIVEUnder-19

“ඔහුගේ පන්දු යැවීම අපිට අති විශිෂ්ටයකු සිහි ගන්වනවා” – ශ්‍රී ලංකා යොවුන් ක්‍රිඩක මතීෂ පතිරණ ගැන Mini-Malinga ලෙස ICCය තැබු සටහන.!

19 පහළ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය මෙවර බටහිර ඉන්දීය කොදෙව් දේශය කේන්ද්‍ර කර ගනිමින් මේ වන විට පැවැත්වෙනවා.

යොවුන් ලෝක කුසලාන තරඟාවලියේ ප්‍රථම වටයේදී ස්කොට්ලන්තය, ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් පරාජය කරමින් ‘D’ කාණ්ඩයේ අපරාජිත කණ්ඩායම ලෙස යොවුන් ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකාව, අද දිනයේදී ඇෆ්ඝනිස්තානයට එරෙහිව තරග බිමට පිවිසීමට නියමිතය.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉතා ඉහළ දස්කම් දක්වන, ප්‍රතිවාදී පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කරන වේග පන්දු යවන යොවුන් ක්‍රිඩක මතීෂ පතිරණ පිළිබඳව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය සිය සමාජ මාධ්‍ය පිටුවල සටහනක් තබා තිබෙනවා.

මතීෂ පතිරණ ගේ පන්දු යැවීම ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ට පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංගගේ පන්දු යැවීමේ ඉරියව්වට බෙහෙවින් සමාන කමක් දක්වනවා.

ඒ හේතුවෙන් මතීෂ පතිරණව Mini-Malinga ලෙස ICCය Instgram ගිනුමේ තැබු සටහනෙහි නම් කර ඇති අතර Facebook හි මතීෂ පුහුණුවීම් වල යෙදෙන වීඩියෝ පටයක් සිය එක් කරමින් ICC සඳහන් කර තිබුණේ ඔහුගේ පන්දු යැවීම අතිවිශිෂ්ටයෙකුගේ පන්දු යැවීම සිහිගන්වන බවයි.

Instagram සටහන පහතින්,

 

View this post on Instagram

 

A post shared by ICC (@icc)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7