Cricket NewsEXCLUSIVEInternational

“මම තරඟ අටක්ම වතුර ඇද්දා..කණ්ඩායම මට සහයෝගය දුන්නා වගේ දැනුනේ නෑ..” – ඉන්දියාවට එරෙහිව රැස් කල ශතකයෙන් පසු සිය අමිහිරි මතකය අවධි කල උස්මාන් කවාජා

මේ දිනවල අප ගතකරමින් සිටින්නේ පැරණිතම තරඟ ආකෘතියේ කාර්‍ය බහුල වූ දින කිහිපයක්. මෙම දින කිහිපය තුල ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රචලිත වූ ප්‍රධානතම මහද්වීම ත්‍රිත්වයම අතිශය කාර්‍ය බහුල වී තිබේ. මේ දිනවල පවැත්වෙන බ්‍රෝඩර්-ගවස්කාර් තරඟාවලිය යනු අලුබඳුන තරඟාවලියට පසු සාම්ප්‍රදායික එදිරිවාදීන් අතර පැවැත්වෙන උද්වේගකරම තරඟාවලියයි.

ඔස්‍ට්‍රේලියානු කණ්ඩායම මුහුණ දෙන විශාලතම අභියෝගයක් ලෙස ඉන්දීය දඟ පන්දු යවන්නන් හමුවේ ලකුණු අතරට පිවිසීම සැලකෙයි. මෙවර බ්‍රෝඩර් ගවස්කාර් තරඟාවලියේදී ඔස්ට්‍රේලියානු මුල්පෙල පිතිකරුවන් හට ඉන්දීය පන්දු යවනන් මෙල්ල කිරීම පහසු නොවුනු අතර එහි ප්‍රථිපලය වූයේ තරඟයක් ඉතිරිව තිබියදීම ඉන්දීය කණ්ඩායම තරඟ 2-1 ක් ලෙස පෙරමුණ ගැනීමයි.

ඔස්ට්‍රේලියානු පිතිකරණ බළඇණිය ලොව සිටින ප්‍රමුඛතම පිතිකරුවන්ගෙන් සන්නද්ධවන නමුත් ඔවුන්ට ආසියානු උපමහද්වීපයේදී ලකුණු අතරට පිවිසීම පහසු කරුණක් නොවේ. මෙවර තරඟාවලියේදීද එසේම සිදුවූ අතර පළමු තරඟ තුනෙහිම ඉනිම් 5 තුලදීම ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතක 3 පමණක් වාර්ථා වීම ඊට නිදසුන් සපයා දීය. එම අර්ධ ශතක තුනෙනුත් අර්ධ ශතක දෙකක් උස්මාන් කවාජාගේ පිත්තෙන් වාර්ථා වීමද විශේෂත්වයකි. එමෙන්ම මෙවර තරඟාවලියේදී ඔස්ට්‍රේලියානු පිතිකරුවෙකු රැස් කල ඉහලම ඉනිමේ හිමිකරුවාද වන්නේ ඔහුයි.

මෙවර තරඟාවලියේ සාර්ථකම පිතිකරුවාද වන්නේ කවාජා යි.ඔහු සමස්ත තරඟ හතරක් නිමාව දකින විට තම ලකුණු මල්ලට බැරකරගෙන තිබෙන ලකුණු සංඛ්‍යාව පසු කර යන්නට එකදු ඉන්දීය පිතිකරුවෙකු හෝ සමත් නොවීමද කවාජාගේ විශිෂත්වය පෙන්නුම් කරයි.

තරඟාවලිය පුරාවට අර්ධ ශතක දෙකක් හා ශතකයක්ද සමඟින් ඉනිම් පහක් තුලදී කවාජා ලකුණු 333 ක් රැස් කලේය. ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවෙකු ඉන්දියාවේදී රැස් කල දීර්ඝතම ඉනිම ලෙසටත් මෙය වාර්ථා අතරට එක්විය.

අවසන් වසර දෙකක පමණ කාලය තුල ආසියාවේදී හොඳින්ම සාර්ථක වූ විදෙස් පිතිකරුවා වන්නේද කවාජායි. ඔහු පකිස්තානයට එරෙහිව ශතක දෙකක් පකිස්තානයේදී හා ඉන්දියාවේදී ශතකයක් රැස් කල අතර ශ්‍රී ලංකාවේදීද හොඳින් දස්කම් අතරට පිවිසියේය.

ඔහු අද නිමාව දුටු බ්‍රෝඩර් ගවස්කාර් තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියාද වූ කවාජා එම තරඟයේ ශතකයෙන් අනතුරුව සිය වේදනාකාරී හැඟීම් කිහිපයක් මාධ්‍ය හමුවේ අනාවරණය කලේය.

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කලමණාකාරීත්වය හා පුහුණු කාර්‍යමණ්ඩලය කලක් තිස්සේ ඔහුව දඟ පන්දු යවන්නන්ට එරෙහිව හොඳින් ක්‍රීඩා කළ නොහැකි පවසමින් ඔහුව ජාත්‍යන්තර ටෙස්ට් පිටිය තුල ආසියානු තරඟාවලි තුල ඔහුව අතිරේක ක්‍රීඩකයෙකු ලෙස යොදා ගනිමින් හංවඩු ගැසූ බව සඳහන් කර සිටියේය.

එම මාධ්‍ය හමුව තුල අදහස් දක්වමින් කවාජා කියා සිටියේ,

“මම මීට පෙර ඉන්දියාවට සංචාර දෙකක් ගිහින් තියනවා.මම එම ටෙස්ට් තරග අටේදිම වතුර ඇද්දා.ඒක දීර්ඝ ගමනක්.”

“අවසානයේ ඕස්ට්‍රේලියානුවෙකු ලෙස ඉන්දියාවේදී ශතකයක් ලබා ගැනීම සඳහා, ඔබට කිරීමට අවශ්‍ය වන්නේ ඒක.ඔබට සලකුණු කිරීමට අවශ්‍ය වන්නෙත් එයයි.ඒ නිසා ඒක විශේෂයි”

එමෙන්ම 2013 වසරේ ඉන්දීය තරඟාවලියේදී හා ඉන්පසු ඔහු ඉන්දියාවේදී අසාර්ථක වූ සමය තුල ඔහු වෙනුවෙන් කණ්ඩායමේ කිසිම සගයෙකු හෝ නොවුනු බව ඔහු කියා සිටියේය.

“ඒ වෙලාවේ මට වටේ හිටපු අයගෙන් කිසිම සහයෝගයක් ලැබුණේ නැහැ. ඇත්තටම කණ්ඩායම මට සහයෝගය දුන්නා වගේ දැනුණේ නැහැ, පුහුණු කාර්ය මණ්ඩලය සහ තේරීම් කමිටුවත් මට සහාය දුන්නා වගේ දැනුණේ නැහැ. ඉතින් ඒක අමාරු උනා විතරයි.මම දැන් දන්නවා මම දඟ පන්දු වලට වඩා හොඳ ක්‍රීඩකයෙක්, මගේ හිතේ කිසිම සැකයක් නෑ.”

යනුවෙන් ඔහු කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
8
+1
8
+1
2
+1
6
+1
2
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7