Cricket NewsDomestic CricketEXCLUSIVEInternational

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක මායන්ක් අගර්වාල් වස පානය කිරීමෙන් රෝහල් ගතකෙරේ.

ඉන්දියාවේ ට්‍රිපුරා ප්‍රාන්තයේ අගර්ටලා නුවර සිට නවදිල්ලිය බලා පියාසර කරමින් තිබූ දේශීය ගුවන් යානයක් තුළදී හදිසියේම රෝගාතුර වීමෙන් ප්‍රාන්ත රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක මායන්ක් අගර්වාල්ගේ රෝගී තත්ත්වයට හේතුව විස සහිත ජලය පානය කිරීම බව හෙළිවී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. ඔහු රෝගාතුර වී ඇත්තේ ගුවන් යානය පිටත්වීමට ආසන්නව තිබියදී ඉදිරියේ වූ අසුනේ පසුපස රඳවා තිබූ බෝතලයකින් ජලය පානය කළ විගස උගුර පිළිස්සීමට ලක් වීමෙන් බව එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ගුවන් යානයේ කාර්ය මණ්ඩලයට එය දැනුම් දීමෙන් පසු එම ගුවන් යානය නැවත අගර්ටලා නුවර ගුවන්තොටුපොළට ගොඩ බස්වා ඔහු රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති අතර, මේ වන විට ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරී ඇතැයි ද වාර්තා වේ. කෙසේ වුවද, විස සහිත ජලය පානය කිරීම හේතුවෙන් ඔහුගේ උගුර පිළිස්සීමට ලක්වීම සහ දෙතොල් ඉදිමීම නිසා දින කිහිපයක් ගත වනතුරු කතා කිරීමට නොහැකි වනු ඇතැයි රෝහලේ වෛද්‍යවරු සඳහන් කර ඇතැයි ද වාර්තා වේ. මේ වන විට එම රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් විසින් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටින බව ද වාර්තා වේ.

විස සහිත ජලය පානය කිරීමත් සමඟ මායන්ක් දැඩි අපහසුතාවට පත්වී වමනය කිරීමේ අවශ්‍යතාවක් ද මතු වූ බව ඔහු නායකත්වය දරන කර්නාටක ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු මාධ්‍යයට ප්‍රකාශ කර ඇත. රෝගී තත්ත්වය පිළිබඳ ගුවන් සේවිකාවකට දැනුම් දීමෙන් පසු ඇය හදිසි සංඥා නාද කරමින් ඒ මොහොතේ ගුවන් යානයේ වෛද්‍යවරයකු ගමන් කරමින් සිටින්නේදැයි සොයා බලා ඇති අතර, කිසිදු වෛද්‍යවරයකු නොසිටීම හේතුවෙන් ගුවන් නියමුවන්ට දැනුම් දීමට කටයුතු කර ඇත. අනතුරුව ගුවන් නියමුවන් විසින් මේ බව අගර්ටලා ගුවන්තොටුපොළේ බලධාරීන්ට දැනුම් දීමෙන් පසු වෛද්‍ය කණ්ඩායමක් සහ ගිලන් රථයක් සූදානම් කර ගුවන් යානය නැවත එම ගුවන්තොටුපොළ වෙත පියාසර කිරීමට උපදෙස් දී ඇතැයි වාර්තා වේ.

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක මායන්ක් අගර්වාල් ගුවන් ගමනක් අතරතුර හදිසියේ රෝගීවීම හේතුවෙන් ට්‍රිපූරා ප්‍රාන්තයේ රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. මෙවර රංජි කුසලාන තරගාවලියේදී කර්නාටක ප්‍රාන්ත පිලේ නායකත්වය දරන 32 හැවිරිදි මයාන්ක් ගුවන් යානය තුළදී වමනය දැමීමට පටන් ගත් බවත්, දැඩි අපහසුතාවට පත්ව සිටි බවත් වැඩිදුරටත් වාර්තා වේ. ඔහුගේ රෝගී තත්ත්වයට හේතුව මෙතෙක් අනාවරණය වී නැති බව ද වාර්තා වේ.

ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 21කට සහ එක්දින තරග 5කට ක්‍රීඩා කර ඇති මේ දකුණත් ආරම්භක පිතිකරුවා සිය පළමු ටෙස්ට් ඉනිම් 12 ඇතුළත ද්විත්ව ශතක දෙකක් රැස් කරමින් අඩුම ඉනිම් සංඛ්‍යාවක් ඇතුළත ටෙස්ට් ද්විත්ව ශතක දෙකක් රැස් කිරීමෙන් ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් තැබූ වාර්තාව බිඳ දැමීමට ද සමත් විය. බ්‍රැඩ්මන් එම වාර්තාව තැබුවේ සිය පළමු ටෙස්ට් ඉනිම් 13කට ක්‍රීඩා කරමිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button