Cricket NewsEXCLUSIVEInternational

අන්ත පරාජයෙන් රිදුණු ශ්‍රි ලංකා ක්‍රිකට් නිලධාරීන් දෙදෙනෙක් සේවය අතහැර ගෙදර යයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයට අනුයුක්තව සේවය කළ නිලධාරීන් දෙදෙනෙක් සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමට පියවර ගෙන ඇත. මේ වන විටත් ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමටද කටයුතු කර ඇත.

එසේ ඉල්ලා අස්වීමට කටයුතු කර ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ශාරීරික කාර්යසාධන කළමනාකරු ලෙස කටයුතු කළ ග්‍රාන්ට් ලූඩන් මහතා සහ භෞතචිකිත්සකවරයා ලෙස කටයුතු කළ ක්‍රිස් ක්ලාක් මහතාය.

දකුණු අප්‍රිකානු ජාතික ග්‍රාන්ට් ලූඩන් මහතා, 2021 වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා වසර 2 කට ආසන්න කාලයක් ශ්‍රී ලංකා කණ්ඩායමේ ශාරීරික කාර්යසාධන කළමනාකරු ලෙස කටයුතු කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමට පෙර ඔහු පාකිස්තාන සහ බංග්ලාදේශ කණ්ඩායම්වල පුහුණු කාර්ය මණ්ඩලද නියෝජනය කර තිබිණ.

භෞතචිකිත්සාව පිළිබඳ එංගලන්තයේ ද්විත්ව උපාධිධාරියකු වූ ක්‍රිස් ක්ලාර්ක් මහතා ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක් වූයේ මෙම වසරේ (2023) ජනවාරි මාසයේදීය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ඔහුගේ ගිවිසුම් කාලය වසර 2 ක් වුවත්, ඔහු ඉන් අස්වීමට තීරණය කර ඇත්තේ වසරක් ගෙවීමටත් පෙරාතුව වීම කැපී පෙනෙ සිදුවීමකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
2
+1
5
+1
0
+1
1
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button