Cricket NewsEXCLUSIVEIPL

වනිඳුගේ RCB පරාජය කරමින් මහිෂ් තීක්ෂණ සහ මතිෂ පතිරණ ක්‍රීඩා කල CSK ලකුණු 8ක තියුණු ජයක් වාර්තා කරයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන ප්‍රිමියර් ලිග් තරඟාවලිය ලෙසින් සැලකෙන ප්‍රිමියර් ලිග් තරඟාවලිය වන ඉන්දීය ප්‍රිමියර් ලිග් තරඟාවලියේ 24 වන තරඟය ලෙසින් Chennai Super Kings කණ්ඩායම සහ Royal Challengers Bangalore කණ්ඩායම අතර පැවති තරඟයෙන් ලකුණු 8ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට Chennai Super Kings කණ්ඩායම සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් Royal Challengers Bangalore ප්‍රථමයෙන් පන්දුවටපහර දීම සඳහා Chennai Super Kings කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Chennai Super Kings කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 226ක් රැස් කිරීමට සමත් වුණා.

Chennai Super Kings වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Devon Conway පන්දු 45කදී ලකුණු 83ක් වාර්තා කිරීමට සමත් වුනා.

Shivam Dube වේගවත් ලකුණු 52ක් රැස් කළ අතර Ajinkya Rahane ලකුණු 37ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී වනිඳු හසරංග, Glenn Maxwell, Mohammed Siraj, Wayne Parnell, Vyshak Vijay Kumar සහ Harshal Patel එක් කඩුල්ල බැගින් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 227ක දැවැන්ත ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Royal Challengers Bangalore පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රස කර ගැනීමට හැකි වුයේ ලකුණු 218ක් පමණයි

Royal Challengers Bangalore ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Glenn Maxwell පන්දු 36ක් තුල වෙගවත් ලකුණු 76ක් රැස් කල අතර නායක Faf du Plessis පන්දු 33කදී ලකුණු 62ක් රැස් කළා.

පන්දු යැවීමේදී Tushar Deshpande කඩුලු 3ක් සහ මතිෂ පතිරණ කඩුලු 2ක් බැගින් දවා ගැනීමට සමත් වුනා.

තරඟාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
2
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7