Cricket NewsEXCLUSIVELPL

“දඹුලු යෝධයන් ඉදිරියේ කොළඹ තරු නිවී යයි” – Phil Saltගෙන් සහ නුවන් ප්‍රදිප්ගෙන් සුපිරි දස්කම්.!

තරගාවලියේ 6වන තරගය ලෙස Dambulla Giants කණ්ඩායම සහ Colombo stars කණ්ඩායම අතර අද පැවති තරගයෙන් දසුන් ශානක නායකත්වය දරනු ලබන Dambulla Giants කණ්ඩායම ලකුණු 18 ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වූයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය දක්වා ඉහළට පැමිණෙමිනි.

අද තරගයේ කාසිය වාසිය ජයග්‍රහණය කළ දඹුල්ල නායක දසුන් ශානක ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඒ අනුව Dambulla Giants කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 195 ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැගීමට සමත් වුණා.

එය මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ වාර්තා වූ ඉහළම ලකුණු පුවරුවයි.

පන්දුවට පහරදීමේදී Phil Salt පන්දු 34 කින් අධිවේගී ලකුණු 62ක් රැස් කළ අතර ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පාරවල් 2ක් සමඟ හතරේ පහරවල් 8ක් ඇතුළත්.

Najibullah zadran ලකුණු 54ක් රැස්කිරීමට සමත්වූ අතර නායක දසුන් ශානක ලකුණු 38 ක් රැස් කළා.

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ දුෂ්මන්ත චමීර කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වුණා.

අනතුරුව ලකුණු 196 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Colombo Stars කණ්ඩායමට පන්දුවාර 18 කුත් පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 177 ක් පමණයි.

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ නුවන් ප්‍රදීප් කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වුණා. තරිදු රත්නායක, චාමික කරුණාරත්න සහ ඉම්රාන් තහීර් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

තරඟාය් වීරයා සම්මානය Dambulla Giants කණ්ඩායමේ Phil Salt හට හිමි වුනා.

ඒ අනුව අද ලැබු ජයග්‍රහණයත් සමග මෙවර LPL 2021 තරඟාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය කරා ඉදිරියට පැමිණීමට Dambulla Giants කණ්ඩායම සමත් වූ අතර තවමත් ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථානයේ පසු වන්නේ Galle Gladiators කණ්ඩායමයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7