Cricket NewsEXCLUSIVELPL

Colombo Stars කණ්ඩායමේ ප්‍රභල තුන් ඉරියව් ක්‍රිඩකයකු හදිසියේම තරඟාවලියෙන් ඉවත් වෙයි – Colombo Stars දැඩි අසීරුතාවයක.!

මේ අතර මෙවර තරගාවලියේ Colombo Stars කණ්ඩායම නියෝජනය කරනු ලබන ප්‍රබල විදෙස් ක්‍රීඩකයෙකු වන David Wise LPL තරගාවලිය අතරමග අතහැර දමා හදිසියේම දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

පෞද්ගලික හේතුවක් මත ඔහු නැවතත් ඔහුගේ මව්බිම කරා පිටව ගොස් ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කර සිටින අතර Colombo stars කණ්ඩායමට මෙම විශේෂඥ විස්සයි විස්ස ක්‍රීඩකයා අහිමි වීම දැඩි බලපෑමක් ඇති කරනු ඇත.

ඩේවිඩ් වීසේ දකුණු අප්‍රිකානු කණ්ඩායම නියෝජනය කළ අතර පසුගිය පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේදි නැමිබියා කණ්ඩායම නියෝජනය කරමින් ලෝක කුසලානයට එක් වූවා.

ලොව පුරා පැවැත්වෙන දැවැන්ත ලීග් ක්‍රිකට් පිටියේ ප්‍රබල නමක් දිනා ඇති තුන් ඉරියව්වෙන් දස්කම් දක්වන ක්‍රීඩකයකු වන David Wise ගේ අඩුව පුරවන මීළඟ ක්‍රිඩකයා කවුරුන්දැයි තවමත් Colombo Stars කණ්ඩායම නිවේදනය කර නොමැත.

එමෙන්ම අද පස්වරු 3ට Dambulla Giants කණ්ඩායම හා Colombo Stars කණ්ඩායම අතර පැවැත්වෙන තරඟයද පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7