Cricket NewsEXCLUSIVEUnder-19

තවත් තරඟයක් ඉතිරිව තිබියදීම 3-1 ක් ලෙස ශ්‍රී ලංකා යොවුන් පිල එංගලන්තයට එරෙහිව එක්දින තරඟාවලිය ජයගනී.!

සංචාරක තරඟ 5 කින් යුත් එක්දින තරඟාවලියේ සිව්වැනි තරඟය අද කොළඹ SSC පිටියේදී පැවැත්විණි.කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දුනිත් වෙල්ලාලගේ මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කලේය.

මුලින්ම පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 7 ක් පමණක් දැවී ලකුණු 243 ක් රැස් කරන්නට සමත් විය. පළමු කඩුල්ල සඳහා වේගවත් ලකුණු 34 ක සබඳතාවයක් ගොඩනගමින් ඉනිමට ආරම්භයක් එක් කරන්නට ශෙවෝන් ඩැනියෙල් හා චමිඳු වික්‍රමසිංහ සමත් විය.

ශෙවෝන් ඩැනියෙල් ලකුණු 39 ක් රැස් කිරීමට සමත් විය . 5 වැනි කඩුල්ල සඳහා ලකුණු 111 ක සබඳතාවයක් එක් කරන්නට යලිත් සාර්ථක වූ පවන් පතිරාජ සමඟින් එක්වූ රවීන් ද සිල්වා සමත් විය.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ පවන් පතිරාජ පන්දු 104 කදී හතරේ පහර දෙකක් සමඟින් ලකුණු 60ක් රැස් කලේය.ඔහුට අනගි සහයක් ලබාදුන් රවීන් ද සිල්වා පන්දු 87 කදී ලකුණු 59 ක් රැස් කලේය එයට හතරේ පහර 4 ක් හා එක් 6 පහරක් අන්තර්ඝත විය.

පන්දු යැවීමේදී බෙන්ජමින් ක්ලිෆ් ලකුණු 43 ට කඩුලු 3 ක් බිඳ දැමීය.

ජයග්‍රහණය සඳහා ලකුණු 244 ක ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසි එංගලන්ත යොවුන් පිල හට යලිත් වරක් ශ්‍රී ලංකා යොවුන් පන්දුයවන්නන් ඉදිරියේ හිස ඔසවන්නට නොහැකි විය. හුදෙකලා සටනක් දියත් කරමින් ජෝජ් තෝමස් හතරේ පහර 8 ක් ද සමඟින් ලකුණු 40ක් රැස් කලේය.

හැරී ක්‍රොව්ශෝ ලකුණු 31 ක් රැස් කල අතර සෙසු එකදු පිතිකරුවෙකුට හෝ ලකුණු 15 සීමාව ඉක්මවා යන්නට හැකියාවක් නොලැබුණි.තරඟාවලිය පුරාවට තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ රවීන් ද සිල්වා ලකුණු 6 කට කඩුලු 3 ක් බිඳ දැමීය.

මතීශ පතිරණ කඩුලු 2ක් දවාගන්නට සමත් වූ අතර පන්දුවාර 33.3 ක් අවසානයේදී එංගල්න්ත ඉනිම ලකුණු 117 කට සීමා කරන්නට ශ්‍රී ලංකා යොවුන් පන්දුයවන්නන් සමත් විය.

ඒත් සමඟින් තරඟාවලියේ සිව්වැනි තරඟය ලකුණු 126 කින් ජයගන්නට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන් සමත් වූහ.

මෙම තරඟය ජයගැනීමත් සමඟින් තවත් තරඟයක් ඉතිරිව තිබියදී තරඟ 3-1 ක් ලෙස තරඟාවලිය ජයගන්නට සත්කාරක ශ්‍රී ලංකා යොවුන් පිල සමත් විය. ඔවුන් මේ දක්වා ක්‍රීඩා කල තරඟාවලි ද්විත්වයම ජයගන්නට සමත් විය.

දෙරට අතර පැවැත්වීමට නියමිත 5 වැනි හා අවසන් එක්දින තරඟය මේ මස 10 වැනිදා කොළඹ SSC පිටියේ දී පැවැත්වීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7