Cricket NewsEXCLUSIVE

LPL තරඟාවලිය ක්‍රීඩා කරන තණතීරු මීට වඩා ගුණාත්මක බවකින් යුක්ත විය යුතුයි – ධම්මික ප්‍රසාද් කියන කතාව මෙතනින්

SLC releases details on how to purchase LPL Tickets

මීට දින කිහිපයකට පෙර හිටපු ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තැබුවේය . එය මෙවර lpl තරඟාවලියේ තණතීරු පිළිබඳව තැබූ සටහක් වීමත් එය සටහන පළ කිරීමෙන් දින කිහිපයකට පසුවත් විශාල අවධානයක් දිනාගත් කරුණක් විය .

වර්ථමානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන වේගපන්දු යවන්නන් දෙදෙනා වන දුශ්මන්ත චමීර හා ලහිරු කුමාර අවසන් තරඟයේදී ක්‍රියාත්මක කලේ පන්දුවාර 2 ක බැගිනි .

“මෙය මගේ පෞද්ගලික මතයයි අපි අපේ ක්‍රිකට් දියුණු කරන්න මේ වගේ ග්ලෝබල් ලීග් ක්‍රීඩා කරනකොට කඩුලුවල ගුණාත්මක භාවය වැඩි දියුණු කරන්න වෙනවා, මම හිතන්නේ නැහැ අපි මේ ලෝකේ කොහේ හරි ක්‍රීඩා කරනකොට t20 වර්ශන් එකට දඟ පන්දු විකට් ගන්න පුළුවන් වෙයි කියලා, මේ තරගාවලියේ කලින් ඔබට මෙවැනි දඟ පන්දු කඩුලු තිබිය නොහැක, පසුව තරඟාවලියේ කොටසක් අපට එය පිළිගත හැකිය, නමුත් මෙම තරඟාවලියේ මුල් භාගය පිළිගත නොහැක. එබැවින් දඟපන්දු යවන්නන් මෙතෙක් ආධිපත්‍යය දැරූ අතර පිතිකරුවන්ගේ සහ වේගපන්දු යවන්නන් අරගල කරන ආකාරය අපට පැහැදිලිව දැකගත හැකිය. අපි තරඟකාරී ක්‍රිකට් ක්‍රීඩා කිරීමට අවශ්‍ය නම් අපි තරඟ සඳහා කඩුලු 50/50 ලබා දිය යුතුයි, එසේ නොමැතිනම් එය අපගේ ක්‍රීඩාව ඉහළ නැංවීමට උපකාරී නොවේ, එබැවින් කරුණාකර සලකා බලා ඉදිරි තරඟ සඳහා වඩා හොඳ කඩුලු ලබා ගන්න, අපි ක්‍රීඩා කරන්නේ අපේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමේ අරමුණින් නම් අපිට නියමිත කඩුලු ලබාගන්න වෙනවා, එහෙම එකක්වත් නැති නම් හොඳයි. මේ අතර, ක්‍රීඩකයින්ට නිදහසට කරුණක් නැත, ඔවුන් කුමන තත්වයක් ලබා ගත්තද, ඔවුන්ට අනුවර්තනය වීමට හෝ ජීවත් වීමට ඔවුන්ගේ කුසලතා වැඩි දියුණු කිරීමට සිදු වේ, උදාහරණයක් ලෙස කඩුළු වේග පන්දු යවන්නන්ට උදව් නොකරන විට, ඔවුන් ඔවුන්ගේ වෙනස්කම් මත වැඩ කළ යුතු අතර, මෙයින් ගැලවීමට හෝ හානිය අවම කර ගැනීමට ක්‍රමයක් සොයා ගත යුතුය, එබැවින් ඔබ ද ඉතා බුද්ධිමත් විය යුතුය. කරුණාකර මගේ යෝජනාව සලකා බලන්න ඔයාලා මොකද හිතන්නේ” සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තැබූ ඔහු එසේ සඳහන් කලේය .

තරඟාවලිය පුරාවට දඟ පන්දු යවන්නන් වැඩි පන්දුවාර ගණනක් ක්‍රියාත්මක කර තිබුණි . නමුත් ලබන වසරේ ලෝක කුසලානය ඔස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත අතර ඊට පෙර ලබන පෙබරවාරී මාසයේදී ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙන තරඟ 5 කින් යුතු විස්සයි විස්ස තරඟාවලියකටද ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කල යුතුවේ .

එම තණතීරු තුල පිතිකරුවන් හට එල්ලවන විශාලතම අභියෝගය වනුයේ ආසියාකරයට සාපේක්ෂව පන්දුවේ ඉපිල්ලීම හා දෝලනය විශාල වශයෙන් අධික වීමය. මේ තත්වය මත ශ්‍රී ලංකා පිතිකරුවන් කෙසේ අනුගත වේවිද යන්න ප්‍රශ්නාර්ථයකි . ඊට හේතුව වනුයේ SENA රටවල තරණතීරු තුල ශ්‍රී ලංකා පිතිකරුවන් දක්වන දුර්වල මට්ට්මේ පිතිකරණ විලාශයය . ඔස්ට්‍රේලියාවේ පැවැති අවසන් විස්සයි විස්ස තරඟාවලිය හා එංගලන්තයේ පැවැති විස්සයි විස්ස තරඟාවලිය තුල පිතිකරුවන් වේගපන්දු යවනන්න් ඉදිරියෙ දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය එයට කදිම නිදසුන් ය .

ශ්‍රීලංකා වේගපන්දු යවන්නන් හටද එය සිදුකිරීමට පහසු නොවනු ඇත . ගෙවී ගිය එංගලන්ත තරඟාවලියේදී දුශ්මන්ත චමීර සාර්ථක අයුරින් පන්දු යැවීම සිදු කල නමුත් ඔහුට අනෙක් අන්තයෙන් සහය විය හැකි පන්දු යවන්නෙකු ඒ සඳහා සූදානම් කල යුතුය .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7