Cricket NewsEXCLUSIVELPLMatch Review

දිනේශ් චන්දිමාල්ගේ සුපිරි උත්සාහය ව්‍යර්ථකරමින් “Dambulla Giants” එක් ලකුණක තියුණු ජයක් හිමි කරගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට.!

ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් 2021 තරගමාලාව මේ වෙනවිට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙනවා.

මේ අතර මෙවර තරගාවලියේ 11වන තරගය ලෙස Colombo stars කණ්ඩායම සහ Dambulla giants කණ්ඩායම අතර පැවැති අරගෙන එක් ලකුණක තියුණු ජයග්‍රහණයක් හිමිකර ගැනීමට Dambulla Giants කණ්ඩායම සමත් වුණා.

මෙම ජයග්‍රහණයත් සමග මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ද අංක #01 පැමිණීමට Dambulla Giants කණ්ඩායමට හැකියාව ලැබුණා.

අද තරඟයේ කාසියේ වාසිය දිනාගත් Dambulla Giants දසුන් ශානක ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි Dambulla Giants පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 138 ක ලකුණු පුවරුවක් ගොඩනැගීමට සමත් වුණා.

ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ නිරෝෂන් දික්වැල්ල පන්දු 16ක් තුළින් වේගවත් ලකුණු 30ක් රැස් කිරීමට සමත් වුණා.

Sohaib Maqsood ලකුණු 24 ක් රැස් කළ අතර Phil Salt ලකුණු 21ක් රැස්කළා.

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ජෙෆ්රි වැන්ඩසේ සහ Ravi Rampaul කඩුලු 3 බැගින් බිඳ හෙලූ අතර සීකුගේ ප්‍රසන්න කඩුලු 2ක් දවා ගත්තා.

අනතුරුව ලකුණු 139 ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Colombo Stars කණ්ඩායමට නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 137ක් පමණයි.

ඒ අනුව එක් ලකුණක තියුණු ජයග්‍රහණයක් Dambulla Giants කණ්ඩායමට හිමි වුණා.

කෙසේ නමුත් තරඟය අවසන් පන්දුව තෙක්ම සටන අත් නොහරිමින් එක පිට එක Colombo Stars කඩුලු බිඳ වැටෙද්දීත් සිය කඩුල්ල ආරක්ෂා කර ගනිමින් Colombo Stars නැංගුරම බවට පත් වෙමින් විශිෂ්ඨ පිතිකරණයත් දියත් කළ දිනේෂ් චන්දිමාල් පන්දු 40කින් නොදැවී ලකුණු 65 ක් රැස්කිරීමට සමත්වුණා.

ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පාරවල් 3ක් සමග හතරේ පහරවල් 4ක් ඇතුළත්.

නායක ධනංජය ද සිල්වා ලකුණු 33 ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී සුපිරි පන්දු යැවීමක නිරත වූ තරිදු රත්නායක කඩුලු 3ක් දවාගත් අතර ඉම්රාන් තහිර් කඩුලු 2ක් බිඳ හෙලුවා.

කෙසේ නමුත් තරගයේ අවසන් පන්දුවේදී ජයග්‍රහණය සඳහා Colombo Stars කණ්ඩායමට ලකුණු 6ක් ලබාගැනීමට අවශ්‍ය වූ අතර දිනේෂ් චන්දිමාල් විසින් මුහුණ දෙන ලද එම පන්දුවේදී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 4ක් පමණයි.

Dambulla Giants කණ්ඩායමට එක් ලකුණක තියුණු ජයග්‍රහණයක් හිමි වූයේ ඒ ආකාරයෙනි.

මෙම ජයග්‍රහණයත් සමඟ Dambulla Giants කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ ද ප්‍රථම ස්ථානයට පත්වූ අතර ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7