Cricket NewsEXCLUSIVE

අවසන් මොහොතේදී ක්‍රියාත්මක වූ දනංජයද සිල්වා ශ්‍රී ලංකාවට තියුණු ජයක් ගෙනෙයි ! ඇෆ්ගනිස්ථානය පරදා ශ්‍රී ලංකා කණ්ඩායම අපරාජිතව සුපිරි හතර දෙනාගේ වටයට !

ලාහෝර් හි ගඩාෆි ක්‍රීඩාංගණයේදී ඇෆ්ගනිස්ථානය ලකුණු 2 කින් පරාජයට පත් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසාලන සුපිරි හතර දෙනාගේ වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට සමත් විය.

තරඟයේ කාසියේ වාසිය දිනාගනිමින් මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුලදී කඩුලු 8 ක් දැවී ලකුණු 291 ක් රැස් කල අතර ඉනිමේ ඉහළතම ලකුණු ලාභියා වූ උපනායක කුසල් මෙන්ඩිස් ලකුණු 92 ක් රැස් කල අතර ඔහුගේ ඉනිම හතරේ පහර හයකින් හා හයේ පහර තුනකින් වර්ණවත් විය.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 292 ක ඉලක්කයක් හඹායන්නට පිටියට පිවිසි ඇෆ්ගනිස්ථානයට පන්දුවාර 37 කුත් පන්දු 4 ක් අවසානයේදී සියලු දෙනා දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 289 ක් පමණයි.

තරඟය ශ්‍රී ලංකා පිලෙන් උදුරා ගන්නට විශාල වෙහෙසක් දැරූ මොහොමඩ් නබී පන්දු 32 ක් තුල ලකුණු 65 ක් රැස් කලේ ඉනිමේ ඉහළතම ලකුණු ලාභියා වෙමින්.

පන්දු යැවීමේදී කසුන් රාජිත කඩුලු 4 ක් බිඳ හෙලද්දී දුනිත් වෙල්ලාලගේ හා දනංජය ද සිල්වා අතර කඩුලු 2 බැගින් බෙදී ගියේය.

ඒ අනුව මූලික වටයේ අවසන් තරඟය ලකුණු දෙකකින් ජයගත් ශ්‍රී ලංකා පිල අපරාජිතව සුපිරි හතරදෙනාගේ වටයේ ඉඩ වෙන්කරගත් හ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button