Cricket NewsEXCLUSIVEIPL

“ලොව බිහි වන විශිෂ්ට පන්දු යවන්නකුගේ ආගමනයක් සිදු වෙමින් පවතී..” – ප්‍රවීණ විස්තර විචාරක ඩැනි මොරිසන් මතිෂ පතිරණ ගැන කියූ කතාව.!

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩාකිරීමට පෙර IPL තරඟයක ක්‍රීඩාකල පළමු ක්‍රීඩකයා බවට යොවුන් ක්‍රිඩක මතීෂ පතිරණ පත් වුයේ ඊයේ දිනයේදී Chennai Super Kings කණ්ඩායම වෙනුවෙන් IPL වරම් හිමිකර ගැනිමත් සමගයි.

එහිදී ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ඔහු යැවූ පළමු පන්දුවෙන්ම කඩුල්ලක් ලබා ගැනීමටද මතීෂ සමත් වුණා.

ඉන් නොනැවතුණු මතීෂ ඊයේ Gujarat Titans සමග පැවති තරගයේ දී Chennai Super Kings කණ්ඩාය වෙනුවෙන් හොඳම පන්දු යැවීමද වාර්තා කර සිටියේ ප්‍රතිවාදී කඩුලු දෙකක් බිඳහෙළමිනි.

එමෙන්ම Chennai Super Kings නායක මහේන්ද්‍ර සිං දෝනි විසින් මතීෂ පතිරණව 18 වන සහ 20වන යන තරගයේ තීරණාත්මක අවසන් පන්දුවාර යැවීම සඳහා භාවිත කළ අතර එහිදී එම වගකීම නිසි ලෙස ඉටු කිරීමටද මතීශ පතිරණ සමත් වුණා.

එමෙන්ම මතිෂ පතිරණ විසින් අතිශය දුර්ලබ IPL වාර්තාවක් ද පිහිටුවීමට සමත් වුයේ එවැනි දස්කමක් දැක්වූ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් වෙමිනි.

ඒ ක්‍රීඩකයෙකු IPL වරම් දිනූ තරගයේ පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවා ගත් IPL ඉතිහාසයේ 9 වැනි ක්‍රීඩකයා බවට පත් වෙමින්.

මතිෂට පෙර IPL ඉතිහාසයේ සිය පළමු පන්දුවෙන්ම කඩුලු දවා ගත් ක්‍රීඩකයින් වන්නේ,

Ishant Sharma – 2008
Wilkin Mota – 2008
Shane Harwood – 2009
Amit singh – 2009
Charl Langeveldt – 2009
Ali Murtaza – 2010
TP Sudhindra – 2012
Alzarri Joseph – 2019
Matheesha Pathirana – 2022

එමෙන්ම මෙහිදී විස්තර විචාරයේ යෙදී සිටි ප්‍රවීණ විස්තර විචාරක ඩැනි මොරිසන් මහතා මතිෂ පිළිබඳව සඳහන් කර සිටියේ “ක්‍රිකට් ලෝකයට තවත් විශිෂ්ට පන්දු යවන්නකුගේ ආගමනයක් සිදු වෙමින් පවතී : යනුවෙනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button