Cricket NewsEXCLUSIVEInternational

ඕස්ට්‍රේලියාව ක්‍රිකට් ඉතිහාසයේ විශාලතම අපකීර්තියට ලක් කල ක්‍රීඩකයෙකු වීරයෙකු ලෙස යැවීමට අවසර දෙන්නේ ඇයි? – ඕස්ට්‍රේලියානු හිටපු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ජොන්සන්

පකිස්ථානයට එරෙහි ටෙස්ට් තරඟාවලියෙන් පසු ටෙස්ට් පිටියට සමුදීමට සූදානමින් සිටින ඩේවිඩ් වෝනර්ට ඕස්ට්‍රේලියානු හිටපු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ජොන්සන් දැඩි දෝෂාරෝපණයක් එල්ල කර තිබෙනවා.

ඕස්ට්‍රේලියාව දෙසැම්බර් 14 වැනිදා සිය මව්බිමේදී ටෙස්ට් තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියකට පාකිස්තානයට එරෙහිව තරග වැදීමට නියමිතය. එම ටෙස්ට් තරගවලින් තෙවැනි තරගය වෝනර්ගේ නිවහන වූ සිඩ්නි ක්‍රිකට් පිටියේදී පැවැත්වෙන අතර එය ඔහුගෙ අවසන් ටෙස්ට් තරගය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

වසර හයක කාලයක් වෝනර් සමඟ ඔස්ට්‍රේලියානු කණ්ඩායමෙ ක්‍රීඩා කල ජොන්සන්, සමුගැනීමේ ටෙස්ට් තරගයක් සඳහා ඔහුගේ ආශාව ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ඔහුට දොස් පවරා ඇති අතර, පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා ඔහුව තෝරාගෙන ඔහුට සමුදීම ලබා දීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු තේරීම් කමිටුවට දොස් පවරා තිබේ.

මේ වසර මුලදී, ඉන්දියාවට එරෙහි ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයට පෙර, වෝනර් පවසා තිබුණේ 2024 ජනවාරි මාසයේදී පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන සිඩ්නි ටෙස්ට් තරගය තමාගේ අවසන් තරගය වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.

මිචෙල් ජොන්සන් ප්‍රකාශ කරන අන්දමට වෝනර් දිගු කලක් තිස්සේ ටෙස්ට් ක්‍රිකට් ලකුණු අතර නොසිටින බවත් ඔහුට තවමත් ක්‍රියාකාරී ජීවිත කාලය පුරාම නායකත්ව තහනමක් ඇති බවත් ජොන්සන් පෙන්වා දුන්නේය: “අරගල කරන ( ලකුණු අතරට පිවිසීමට ) ටෙස්ට් ආරම්භක පිතිකරුවෙකුට ඔහුගේම විශ්‍රාම දිනයක් නම් කිරීමට ලැබෙන්නේ ඇයි? ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ඉතිහාසයේ විශාලතම අපකීර්තියේ කේන්ද්‍රස්ථානයේ සිටින ක්‍රීඩකයෙකු වීරයෙකු ලෙස යැවීමට අවසර දෙන්නේ ඇයි? දැයි ඔහු ප්‍රකාශ කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button