Cricket NewsEXCLUSIVEInternational

මාධ්‍ය තුලින් එල්ලවන දැඩි අවධානය හේතුවෙන් දනුශ්ක ගුණතිලක දරුණු සායනික මානසික අවපීඩනයකින් පෙලන බව නීතිඥවරයා අධිකරණයට දැනුම් දෙයි !

ඔස්ට්‍රේලියාවේදී නිමාව දුටු විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය අතර තුර ස්ත්‍රී දූශණ චෝදනාවක් ශ්‍රී ලංකා ක්‍රීඩක දනුශ්ක ගුණතිලක වෙත එල්ලවූ අතර එම නඩුව සිඩ්නි හි ඩව්නින් සෙන්ටර් අධිකරණයේදී විභාග වෙමින් තිබේ.

කෙසේ නමුත් අවසන් නඩු විභාගයේදී දනුශ්කගේ නීතිඥවරයා අධිකරණය වෙත දැනුම් දී තිබෙන්නේ දනුෂ්ක ගුණතිලක මානසික අවපීඩනය රෝගී තත්ත්වයෙන් (දරුණු සායනික මානසික අවපීඩනයෙන්) පෙළෙන බවයි.

දැනට පවතින නීතිමය ක්‍රියාමාර්ග සහ මාධ්‍ය මගින් මෙම සිද්ධියට ලබාදී ඇති ප්‍රසිද්ධිය මීට හේතුව බව ඔහුගේ නීතිඥවරයා පවසා ඇත.

මෙම හේතුව පදනම් කරගනිමින් නඩු විභාගය කඩිනම් කිරීමට තීරණය කර ඇති අතර, ඒ අනුව ධනුෂ්කට එරෙහි නඩු විභාගය ලබන සැප්තැම්බර් මස 18 වැනිදා ආරම්භ කිරීමට නියම කළා.

ධනුෂ්ක ගුණතිලක සිඩ්නි ඩව්නින් සෙන්ටර් දිස්ත්‍රික් උසාවියේ පෙනී සිටිමින් ඉල්ලා සිටියේ මෙම නඩු විභාගයට ජූරි සභාවක් පත් නොකරන ලෙසත් විනිසුරුවරයෙකුගේ තනි නඩු විභාගයක් පවත්වන ලෙසයි.

ඒ අනුව ඒ සඳහා වන අයදුම්පත මේ වන විට අධිකරණය පිළිගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
4

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button