Cricket NewsEXCLUSIVEInternational

සති තුනක් යනතුරු බෑ කියූ දසුන්, දින පහකින් යළිත් පුහුණුවීම් අරඹයි

ආබාධයකට ලක්ව ඇති බව කීවද, ශ්‍රී ලංකාවට නොයවා අතිරේක ක්‍රීඩකයකු ලෙස දසුන් තවදුරටත් ශ්‍රී ලංකා සංචිතය සමග රඳවාගැනීමටද ශ්‍රී ලංකා කණ්ඩාය‍මේ කලමණාකාරීත්වය කටයුතු කළේය. එවැනි වකවානුවක තවත් අතිරේක ක්‍රීඩකයන් දෙදෙනකු ලෙස ඇන්ජලෝ මැතිව්ස් සහ දුෂ්මන්ත චමීරද ඉන්දියාවට ගෙන්වා ගැනීමට තේරීම් කමිටුව පිවර ගත්තේය.

කෙසේ වුවත් මෙම සිදුවීම් සියල්ල දෙස සාවදානව බලන කළ සිදුවීම් එකකට එකක් අතර යම් සම්බන්ධතාවක් ඇති බව පෙනී යනු ඇත. එමෙන්ම ඇත්ත වශයෙන්ම දසුන්ට ආබාධයක් තිබුණාද, තිබුණා නම් එය සුවවීමට සති තුනක කාලයක් ගතවන බව වාර්තා වෙද්දී, දින 5 ක් ඇතුළත ඔහු පුහුණුවීම් සඳහා සහභාගි වූ‍යේ කෙසේද යන්න ඉතා ගැටලු සහගතය.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ පළමු තරගයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු අතරට පිවිසි දසුන්, පන්දු 62 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 68 ක් රැස්කළේය. එහෙත් පාකිස්තානයට එරෙහිව පැවැති තරගයේදී යළිත් අසාර්ථ වූ ඔහුට පන්දු 18 කට මුහුණ දෙමින් ලබාගත හැකි වූයේ ලකුණු 12 ක් පමණි.

‍ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීමට පෙර ආසියානු කුසලාන තරගාවලියේ සහ ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ තරග 11 කදී පිතිහරඹයේ යෙදී ඇති දසුන්, රැස්කිරීමට සමත්ව තිබුණේ ලකුණු 66 ක් පමණි. එහිදී ඔහුගේ ලකුණු රැස්කිරීමේ සාමාන්‍යය 6.6 ක අගයක් ගත් අතර ඊට ලකුණු නොලබා දැවී ගිය අවස්ථා 2 ක්ද ඇතුළත් වී තිබිණ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
1
+1
14
+1
1
+1
2
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button