Cricket NewsEXCLUSIVE

ක්‍රීඩක විනය කඩ කිරීමේ චෝදනාවකට ලක්ව සිටින යොවුන් ක්‍රීඩක කමිල් මිශාරට දැඩි දඬුවම් ලැබෙන ලකුණු.!

පසුගියදා නිමාවූ බංග්ලාදේශ ටෙස්ට් තරඟාවලිය සඳහා නම් කර සිටි යොවුන් කඩුලු රකින ක්‍රීඩක කමිල් මිශාර තරඟාවලිය අතරතුරදී යලි ශ්‍රී ලංකාවට කැඳවා තිබුණේ ක්‍රීඩක විනය කඩ කිරීමේ චෝදනාවක් හේතුවෙනි. ඉකුත් මැයි මස 24 වැනිදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර සිටියේ මිශාර ඔහුගේ සංචාර කොන්ත්‍රාත්තුවේ දැක්වෙන පරිදි ක්‍රීඩකයාගේ හැසිරීම/හැසිරීම පාලනය කරන [(අංක අංක 1 (j) වගන්තිය]] නීති උල්ලංඝනය කර ඇති බවයි.

මෑත කාලයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩක විනය පිළිබඳව දැඩි මතයක සිටි අතර විටින් විට ඔවුන් දැඩි තීරණ කිහිපයකට එලඹුණි.

21 හැවරිදි මිශාරට දැඩි දඬුවම් නිර්දේශ විය යුතු යැයි තමා සිතන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වර්ථමාන ලේකම් මොහාන් ද සිල්වා මහතා ප්‍රකාශ කලේය.

“කමිල් මිශාර ට තවම දඬුවම් පැමිණ වූයේ නැහැ.කමිල් තවමත් ළාබාල වියේ පසුවන ක්‍රීඩකයෙක්. පාසල් දිවියට සමුදුන්නේ ඉතාමත් මෑතකදී,එම නිසා ඔහු ගැන මීට වඩා සැලකිලිමත් විය යුතුව තිබෙනවා.අනාගතයේදී ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රවිශ්ඨ වීමට සිටින දක්ෂ ක්‍රීඩකයන්ට ආදර්ශයක් දීම අපේ යුතුකමක් එම නිසා දැඩි ඔහුට අනිවාර්යෙන්ම නිර්දේශ යුතුයැයි මම සිතනවා”

යනුවෙන් මොහාන් ද සිල්වා මහතා ප්‍රකාශ කර තිබුණි.

ඔස්ට්‍රේලියාවට එරෙහිව ජාත්‍යන්තර වරම් දිනාගත් කමිල් දේශීය පිටියේ හොඳ රිද්මයකින් ලකුණු රැස් කරමින් සිටියදී ඔහුව බංග්ලාදේශයට එරෙහිව නම් කල ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ ඉඩ වෙන් කමිල්ගේ විනය කඩ කිරීම හේතුවෙන් ඔස්ට්‍රේලියානු සංචාරය සඳහා නම් කල ශ්‍රී ලංකා සංචිතයේ හෝ A සංචිතයේ ද ඉඩ ඔහුට අහිමි විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7