Cricket NewsEXCLUSIVE

ඕස්ට්‍රේලියානු පිතිකරණ සැලසුම් සුනුවිසුණු කරමින් දසුන් ශානක රැකගත් රැක ගැනීමට අපහසුම සුපිරි උඩ පන්දුව.!

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තරග සංචාරය ආරම්භ කරමින් දෙරට අතර පැවැත්වෙන තරඟ 5කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ ප්‍රථම තරඟය ලෙස අද මෙල්බර්න් හිදි පැවැත්වුනු තරඟයේන් ලකුණු 20ක ජයග්‍රහණයක් වාර්තා කරමින් තරඟාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට සත්කාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම අද සමත් වුනා.

කෙසේ නමුත් මේ වනවිට පන්දුවාර විස්සයි-20 ලෝක ශූරයන් ලෙස කිරුළු පැළද සිටින ප්‍රබල ඕස්ට්‍රේලියානු පිතිකරුවන් අන්දමන්ද කිරීමට ශ්‍රී ලංකා පන්දු බලඇණිය සමත් වුනා.

එම ප්‍රභල පිතිකරණ බලඇණිය ඔවුන්ට සුපුරුසු ඕස්ට්‍රේලියානු තනතිරුවලදීම සිය ග්‍රහණයට නතු කර ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුනා.

ඊට කදිම සහයෝගයක් ලබා දුන් පන්දු රකින්නන් ඉතා විශිෂ්ට කාර්යභාරයක් අද තරගය තුළදී සිදු කරනු ලැබුවා.

අද තරඟයේ දී විදෙස් විචාරකයින්ගේ පවා අවධානයට ලක් වූ විශිෂ්ට පන්දු රැකීමක් සිදු කිරීමට ශ්‍රී ලංකා නායක දසුන් ශානක සමත්වුණා.

බිනුර ප්‍රනාන්දු විසින් යොමු කරන ලද තරඟයේ 17 පන්දුවාරය දෙවන පන්දුවේදී පන්දුවට පහරදෙමින් සිටි මැතිව් වේඩ් විසින් එල්ල කරන ලද පහර සාර්ථක උඩපන්දුවක් ලෙස රැක ගැනීමටයි නායක දසුන් ශානක සමත් වුයෙ.

ඒ හේතුවෙන් 17වන පන්දුවාරයේදී ලකුණු 141ක් තිබූ ඕස්ට්‍රේලියා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසාන වන විටත් ලකුණු 149ක සීමා කිරීමට එම විශිෂ්ට පන්දු රැකීම සමත්වුණා.

දසුන් ශානක විසින් රැකගන්නා ලද එම විශිෂ්ට උඩපන්දුව වීඩියෝව පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button