Cricket NewsEXCLUSIVEInternational

2-1ක් ලෙස බංගලාදේශයට අමතක නොවන තරඟාවලි පරාජයක් උරුම කළ සිම්බාබ්වේ කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරයි.!

බංගලදේශයේ සමඟ පැවැති විස්සයි-20 තරඟාවලිය සේම එක්දින තරඟාවලියද ජයග්‍රහණයකින් අවසන් කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණේ 2-1ක් වශයෙන්.

තරගාවලියේ දෙවන සහ අවසන් තරගය ඊයේ පැවැත්වුණු අතර එම තරඟයෙන් ලකුණු 105 ක ජයග්‍රහණයක් හිමිකර ගැනීමට බංගලාදේශ කණ්ඩායම සමත්වුණා.

කෙසේ නමුත් තරග 3කින් සමන්විත තරගාවලියේ පළමු තරග දෙකම ජයග්‍රහණය කළ සිම්බාබ්වේ කණ්ඩායම තරගාවලියේ ජයග්‍රහණය තමන් සතු කර ගැනීමට සමත් වුණා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා බංගලාදේශ කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් බංගලාදේශ කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 256ක් රැස් කිරීමට සමත් වුණා.

බංගලාදේශය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Afif Hossain ලකුණු 85ක් වාර්තා කිරීමට සමත් වුනා.

Anamul Haque ලකුණු 76ක් රැස් කළ අතර Mahmudullah ලකුණු 39ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Luke Jongwe සහ Brad Evans කඩුලු 2 බැගින් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 256ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි සිම්බාබ්වේ පිතිකරුවන්ට පන්දුවාර 32.2 අවසානයේ සියලු දෙනා දැවී රස කර ගැනීමට හැකි වුයේ ලකුණු 151ක් පමණයි

සිම්බාබ්වේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Richard Ngarava ලකුණු 34ක් රැස් කල අතර Victor Nyauchi ලකුණු 26ක් රැස් කළා.

පන්දු යැවීමේදී Mustafizur Rahman කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුනා.

තරඟාවලිය පුරාවට විශිෂ්ට දස්කම් දැක්වූ සිකන්දර් රාසා තරඟාවලියේ වීරයා බවට පත් වුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button