EXCLUSIVETrending Article

වසර ගණනකට පසු නැවතත් අවසන් මහා තරඟයක මුහුණට මුහුණ මුණ ගැසෙන ශ්‍රී ලංකාව සහ ඉන්දියාව.!

කලකට පෙර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යනු ක්‍රිකට් ලෝකයේ නම් දැරූ ප්‍රතිවාදීන් දෙදෙනෙකි. තරඟාවලි ගණනාවක අවසන් මහා තරඟ වල මුහුණට මුහුණ මුණ ගැසී ඇති ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ලොව පුරා ක්‍රිකට් රසිකයන්ට තිලින කර ඇති මතකයන්නම් මිළ කල නොහැකි තරම්ය.

කෙසේ නමුත් ඉන්දීය ප්‍රිමියර් ලිග් වැනි තරඟාවලි සමග ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැගෙද්දී වසර 2015න් පසුව සංගා,මහේල සහ ඩිල්ශාන් යන ක්‍රීඩකයන් තිදෙනාගේ ඉවත්වීමත් සමග නොසිතු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව කඩා වැටෙන්නට විය.

වසර ගනන්වකට පසුව දැන් දැන් නැවතත් ලෝක ක්‍රිකට් වංශ කතාවේ ශ්‍රී ලංකාව ඉදිරියේ ලියැවී තිබු ස්වර්ණමය පරිජ්ජේදය ක්‍රම ක්‍රමයෙන් නැවතත් දළු ලා වැඩෙන බව පෙනෙන්නට තිබේ.

වසර ගණනාවක පරාජයන් රැල්ලට මුහුණ දුන් ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන්ට දැන් දැන් ලෝක කුසලානයක සුවඳත් හොඳ හැටි දැනෙමින් තිබේ.

එම අමිහිරි කාලය නිමා කරමින් වසර කිහිපයකට පසුව නැවතත් ශ්‍රී ලංකාව හෙට දිනයේදී ඉන්දීය කණ්ඩායමකට එරෙහිව අවසන් මහා තරඟයක ශුරතාවය වෙනුවෙන් සටන් වැදීමට සුදානම් ය.

ඒ 19 පහල කණ්ඩායම් සහබාගි වන යොවුන් ආසියානු කුසලානයේ අවසන් මහා තරඟයයි. 2021 වසර විශිෂ්ට ලෙස ගත කල ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අති සාර්ථක ලෙස අපරාජිතවම අවසන් මහා තරඟය දක්වා පැමිණ ඇති අතර ඉන්දීය කණ්ඩායම මුලික වටයේ පකිස්ථාන කණ්ඩායම ඉදිරියේ පමණක් පරාජය වී ඇත.

ඉතින් වසර ගණනාවකට පසුව හෙට උදැසන 11ට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව නැවතත් අවසන් මහා තරඟයක මුහුණට මුහුණ මුණ ගැසීමට නියමිතය. ස්ටාර් ස්පෝර්ට්ස් නාලිකාව හරහා තරඟය සජීවීව නැරඹීමට ද අවස්ථව සලසා ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7