Cricket NewsEXCLUSIVE

මිචෙල් ජොන්සන් වැනි ජ්‍යේෂ්ඨයින්ගේ විවේචන සියල්ලටම ඩේවිඩ් වෝනර් පිත්තෙන් පිලිතුරු දෙයි ! තම අවසන් ටෙස්ට් තරගයේදි පකිස්ථානයට එරෙහිව ශතකයක් ලබා ගනී !

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ සාර්ථකම ආරම්භක පිතිකරුවෙකු ලෙසින් සැලකෙන ඩේවිඩ් වෝනර් පකිස්ථානු ටෙස්ට් තරඟාවලියෙන් පසු ජගත් ටෙස්ට් පිටියට සමුදීමට සූදානම් බව ප්‍රකාශ කලේ මීට මාස කිහිපයකට පෙරයි .

එහිදී හිටපු ඔස්ට්‍රේලියානු වේගපන්දු යවන්නෙකු වන මිචෙල් ජොන්සන් දකුණු අප්‍රිකානු වැලි කඩදාසි සිදුවීම හුවා දක්වමින් කියා සිටියේ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම අපකීර්තියේ ප්‍රධානතම කොටස් කරුවකු වන වෝනර් හට ගෞරවාන්විත සමුගැනීමක් උරුම නොමැති බවයි.

පිටියට එපිටින් නැගෙන විරෝධතා මැද ඩේවිඩ් වෝනර් අද තම අවසන් ටෙස්ට් තරඟාවලිය ශතකයකින් ඇරඹුවේ පකිස්ථානු පන්දු යවන්නන් හට අමතක නොවන ඉනිමක් දියත් කරමින්

හතරේ පහර 14 ක් හයේ පහර තුනක් සමඟින් පන්දු 211 කදී ලකුණු 164 ක් රැස් කලේ ඔහුට එල්ලවූ චෝදනා සියල්ලටම පිත්‍තෙන් පිළිතුරු දෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button