Cricket NewsEXCLUSIVE

කොදෙව්වන් ගාල්ලට පැමිණෙයි – පොල් තෙල් පහනුත් දල්වා ශ්‍රී ලංකාවට එරෙහි සටනට සුදානම්.!

ටෙස්ට් ලෝක ශුරතාවයේ තරඟ ලෙසින් මෙම මස 21 වැනිදා ආරම්භ වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් කණ්ඩායම ගාල්ලට පැමිණ තිබේ. ඔවුන් ඊයේ දිනය වන තෙක් කොළඹ රැඳී සිටි අතර ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම සමග පෙරහුරු තරගයට සහභාගි වීම සඳහාය.

අවාසනාවන්ත ලෙස වර්ෂාව හේතුවෙන් එකදු පන්දුවක් හෝ නොයවා ශ්‍රී ලංකා සභාපතිගේ පිල සමග ඔවුන්ට පැවති පෙරහුරු තරගය කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගනයේදී අතැර දමන්නට සිදුවිය.

ඉදිරි ටෙස්ට් තරග දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ඒවා නොවැම්බර් 21 සිට 25 දක්වා සහ නොවැම්බර් 29 සිට දෙසැම්බර් 3 දක්වා පැවැත්වේ.

ශ්‍රී ලංකාව සමග තරඟාවලියට සහබාගි වන කොදෙව්වන්ගේ සම්පූර්ණ සංචිතය පහතින් –

Kraigg Brathwaite (Captain) , Jermaine Blackwood (Vice-Captain) , Nkrumah Bonner, Roston Chase, Rahkeem Cornwall, Joshua Da Silva, Shannon Gabriel, Jason Holder, Shai Hope, Kyle Mayers, Veerasammy Permaul, Kemar Roach, Jayden Seales, Jeremy Solozano, Jomel Warrican

01

02

03

04

05

06

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button