Cricket NewsEXCLUSIVE

වැඩිම විස්සයි-20 ජයග්‍රහණය සංඛ්‍යාවක් කරා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූ නායකයා ලෙස දසුන් ශානක ඉතිහාසයට එක් වෙයි.!

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන මෙවර ආසියානු කුසලාන තරඟාවලිය ⁣මේ වනවිට දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙන්නේ Super 4s තරඟ වටය ආරම්භ වීමත් සමගයි.

Super 4s තරඟය වටය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවති තරඟයෙන් කඩුලු 4ක ජයක් වාර්තා කරමින් පළමු වටයේදි ඇෆ්ගනිස්තානය ඉදිරියේ ලැබු අමිහිරි පරාජයේ වේදනාව මකා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුනා.

මෙම ජයග්‍රහණයත් සමග Super 4s වටයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමටද ශ්‍රී ලංකාව සමත් වුනා.

එමෙන්ම මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා නායක දසුන් ශානක වැඩිම විස්සයි-20 තරඟ ප්‍රමාණයකදී ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා මෙහෙයවු නායකයා බවට පත් වුණා. ඒ විස්සයි-20 ජාත්‍යන්තර තරඟ 14ක් ජයඟ්‍රහනය කරා මෙහෙයවමිනි.

මීට අමතරව කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන සහ දිනේෂ් චන්දිමාල් විස්සයි-20 තරඟ 13 බැගින් ශ්‍රී ලංකාව ජයග්‍රහණ කරා මෙහෙයවා තිබෙනවා.

ඉතාමත් කටුක කාල සීමාවක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වගකීම බාරගත් නායක දසුන් ශානකට SixCricket අපෙන් උණුසුම් සුභ පැතුම්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7