Cricket NewsEXCLUSIVEInternational

පලවෙනි තරගෙ පරාද උන නිසා මේ තරගේ කොහොමහරි දිනන්න තමා ආවේ – මහීශ් තීක්ෂන කියයි

Pathum Nissanka moved fast at the top of the Sri Lanka innings, Afghanistan vs Sri Lanka, Asia Cup, Sharjah, September 3, 2022

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන මෙවර ආසියානු කුසලාන තරඟාවලිය ⁣මේ වනවිට දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙන්නේ Super 4s තරඟ වටය ආරම්භ වීමත් සමගයි.

Super 4s තරඟය වටය අද ආරම්භ වූයේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරඟයෙනි. එම තරඟයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කරමින් පළමු වටයේදි ඇෆ්ගනිස්තානය ඉදිරියේ ලැබු අමිහිරි පරාජයේ වේදනාව මකා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයෙ සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 175ක් රැස් කිරීමට සමත් වුණා.

ඇෆ්ගනිස්ථාන වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Rahmanullah Gurbaz පන්දු 45කදී ලකුණු 84ක් වාර්තා කිරීමට සමත් වුනා. Ibrahim Zadran ලකුණු 40ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී ඩිල්ෂාන් මධුශංක කඩුලු දෙකක් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 176ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර 19.1ක් අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 179ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

Chamika Karunaratne gets a bit of love from Wanindu Hasaranga after finishing the game, Afghanistan vs Sri Lanka, Asia Cup, Sharjah, September 3, 2022

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කුසල් මෙන්ඩිස් පන්දු 19ක් තුල වෙගවත් ලකුණු 36ක් රැස් කල අතර ඊට අනගි සහයක් දුන් පැතුම් නිස්සංක ලකුණු 35ක් රැස් කළා. ධනුෂ්ක ගුණතිලක ලකුණු 33ක් සහ අවසන් පන්දුවාරයන් හි සුපිරි ප්‍රහාරාත්මක ඉනිමක් දියත් කල භානුක රාජපක්ෂ පන්දු 14ක් තුල ලකුණු 31ක් වාර්තා කළා.

පන්දු යැවීමේදී Mujeeb Ur Rahman සහ Naveen-ul-Haq කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වුනා. මෙම ජයග්‍රහණයත් සමග Super 4s වටයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමටද ශ්‍රී ලංකාව සමත් වුනා.

මේ අතර තරගයෙන් අනතුරුව මහීශ් තීක්ෂණ සදහන් කලේ මෙවන් අදහසක්.,

අපි පලවෙනි මැච් එකෙ 104 යි ගැහුවෙ. පරාද උන නිසා මේ තරගය අනිවාර්‍යෙන්ම ජයග්‍රහණය කරන එක ගොඩක් ඔලුවෙ තිබ්බා, ටීම් එකම ආවෙ අද මැච් එක කොහොම හරි දිනලා ඉවර වෙලා අන්තිම බෝලෙ වෙන්කන් ෆයිට් එකක් දීලා, කොහොම හරි මැච් එකෙ ප්‍රතිපලය අපෙ පැත්තට අරන් Dressung Room එකට එන්න තමා ප්ලෑන් එක තිබ්බෙ.

අපි ඇත්තටම සැළසුම් හදන්නෙ මැච් එකෙන් මැච් එකට . ඉතින් තාම ලොකුවට සැලසුම් කරලා නැ ඊලග මැච් එක ගැණ. අපි දැණ් මේ මැච් එකෙwin එකත් එක්ක confidence අරගෙන අපේ positive දේවල් අරන් වැරදි හදාගෙන ඉස්සරා මැච් සෙල්ලන් කරන එක තමා බලාපොරොත්තුව.

Maheesh Theekshana profile and biography, stats, records, averages, photos and videos

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7