Cricket NewsEXCLUSIVE

“දසුන් ශානකගෙ පිතිකරණය අති විශිෂ්ටයි, ඔහුව මෙවර IPL එක් කර ගැනීමට වැඩි ඉඩක් තියෙනවා” – සුනිල් ගවස්කාර් කියයි.!

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන විස්සයි-20 තරගාවලියේ තෙවන සහ අවසන් විස්සයි-20 තරඟය අද ආරම්භ වූවා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායක දසුන් ශානක ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

කෙසේ නමුත් ශ්‍රී ලංකා නායකයාගේ එම තීරණයට සාධාරණයක් ඉටු කිරීමට කිසිදු ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවෙකු සමත් වූයේ නැහැ.

ශ්‍රී ලංකා කණ්ඩායමට Power play පන්දුවාර 6 තුළම ලබාගැනීමට හැකිවූයේ ලකුණු 18 ක් පමණක් වන අතර කඩුලූ 3ක් එහිදී ශ්‍රී ලංකාවට අහිමි වුණා.

ඒ අනුව ලකුණු 29ක් වන විට ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවන් සිව්දෙනෙකු දැවී ගොස් ශ්‍රී ලංකාව දැඩි අසීරු අවස්ථාවක පසු වූවා.

අනතුරුව පිටියේ එක් වූ දසුන් ශානක සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 31 සබඳතාවයක් පැවැත්වීමට සමත් වූ අතර දිනේෂ් චන්දිමාල් ලකුණු 25කට දැවී ගියා.

අනතුරුව නායකත්වයේ වගකීම කරට ගත් දසුන් ශානක චාමික කරුණාරත්න සමග එක්වී ලකුණු 86 ක දැවැන්ත වේගවත් සබඳතාවයක් පිහිටුවමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ගෞරවාන්විත ලකුණු පුවරුවක් කරා රැගෙන යාමට සමත් වුණා.

වරෙක ලකුණු සීයක් ලබාගැනීමත් දැඩි අභියෝගයක් වූ අවස්ථාවක ලකුණු 146 ක ලකුණු පුවරුවක් කරා ශ්‍රී ලංකාව රැගෙන යාමට දසුන් ශානකගේ මෙම ප්‍රහාරාත්මක පිතිකරණය සමත් වුනා.

දසුන් ශානක පන්දු 38ක් තුළ වේගවත් ලකුණු 74ක් රැස්කිරීමට සමත්වුණා.

ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහරවල් 2ක් සමග හතරේ පහරවල් 9ක් ඇතුළත් වුණා.
චාමික කරුණාරත්න ලකුණු 12ක් රැස් කලා.

ශ්‍රී ලංකා ඉනිමෙන් අනතුරුව Star sports නාලිකාවේ විශේෂ වැඩසටහනකට එක්වෙමින් සුනිල් ගවස්කාර් ප්‍රකාශ කර සිටියේ දසුන් ශානකගේ පිතිකරණය අතිවිශිෂ්ට බවත් නිසැක වශයෙන්ම ඔහු IPL ක්‍රීඩා කළ යුතු පිතිකරුවෙකු බවත්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුනිල් ගවස්කාර් මහතා මෙලෙස සඳහන් කර සිටියා.

“දසුන් ගැන IPL ටීම් එකක් දැක්කේ නැත්තේ පරණ දක්ෂතා ගැන බලලා වෙන්න ඇති.. මෙහෙම perform කරනවා දැක්කනම් හැම IPL franchise එකක්ම දසුන් ගැන බලන්න ඉඩ තිබුනා. ඊයේ බුම්රා, බුවනේෂ්වර් සෙට් එකට.. අද Harshal, Avesh ට බැට් කරපු විදිය විශිෂ්ටයි.. Injury replacement එකකදී දසුන්ව මිස් කරගන්න හොඳ නෑ කවුරුත්..”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button