Cricket NewsEXCLUSIVEMatch Review

තෙවන තරඟයේ ලැබූ පරාජයත් සමග ඉන්දියාව ඉදිරියේ ශ්‍රී ලංකාවට 3-0ක් ලෙස දැවැන්ත තරඟාවලි පරාජයක්.!

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය ආරම්භ කරමින් පැවති තරඟ තුනකින් සමන්විත විස්සයි-20 තරගාවලිය 3-0ක් ලෙස විශිෂ්ට ජයග්‍රහණයකින් අවසන් කිරීමට සත්කාරක ඉන්දීය කණ්ඩාම අද සමත් වුයේ අද පැවති තෙවන සහ අවසන් විස්සයි-20 තරඟයත් ජයග්‍රහණය කරමිනි.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායක දසුන් ශානක ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

කෙසේ නමුත් ශ්‍රී ලංකා නායකයාගේ එම තීරණයට සාධාරණයක් ඉටු කිරීමට කිසිදු ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවෙකු සමත් වූයේ නැහැ.

ශ්‍රී ලංකා කණ්ඩායමට PowerPlay පන්දුවාර 6 තුළම ලබාගැනීමට හැකිවූයේ ලකුණු 18 ක් පමණක් වන අතර කඩුලූ 3ක් එහිදී ශ්‍රී ලංකාවට අහිමි වුණා.

ඒ අනුව ලකුණු 29ක් වන විට ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවන් සිව්දෙනෙකු දැවී ගොස් ශ්‍රී ලංකාව දැඩි අසීරු අවස්ථාවක පසු වූවා.

අනතුරුව පිටියේ එක් වූ දසුන් ශානක සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 31 සබඳතාවයක් පැවැත්වීමට සමත් වූ අතර දිනේෂ් චන්දිමාල් ලකුණු 25කට දැවී ගියා.

අනතුරුව නායකත්වයේ වගකීම කරට ගත් දසුන් ශානක චාමික කරුණාරත්න සමග එක්වී ලකුණු 86 ක දැවැන්ත වේගවත් සබඳතාවයක් පිහිටුවමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ගෞරවාන්විත ලකුණු පුවරුවක් කරා රැගෙන යාමට සමත් වුණා.

වරෙක ලකුණු සීයක් ලබාගැනීමත් දැඩි අභියෝගයක් වූ අවස්ථාවක ලකුණු 146 ක ලකුණු පුවරුවක් කරා ශ්‍රී ලංකාව රැගෙන යාමට දසුන් ශානකගේ මෙම ප්‍රහාරාත්මක පිතිකරණය සමත් වුනා.

දසුන් ශානක පන්දු 38ක් තුළ වේගවත් ලකුණු 74ක් රැස්කිරීමට සමත්වුණා.ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහරවල් 2ක් සමග හතරේ පහරවල් 9ක් ඇතුළත් වුණා.

චාමික කරුණාරත්න ලකුණු 12ක් රැස් කලා.

පන්දු යැවීමේදී Avesh Khan විසින් කඩුලු දෙකක් බිඳ හෙලූ අතර Ravi bishnoi, Harshal Patel සහ මොහොමඩ් සිරාජ් අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ඒ අනුව ලකුණු 147ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම පන්දුවාර 16කුත් පන්දු 5ක් අවසානයේ ජයග්‍රාහී සිමාව පසු කර යෑමට සමත් වුනා.

ඉන්දියාව වෙනුවෙන් තරඟාවලිය පුරාවට දස්කම් දැක්වූ Shreyas Iyerගේ පිත්ත අදත් ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාත්මක වූ අතර ඔහු පන්දු 45ක් තුල වේගවත් ලකුණු 73ක් රැස් කිරීමට සමත් වුනා.

Ravindra Jadeja ලකුණු 22ක් රැස් කල අතර Deepak Hooda ලකුණු 21ක් රැස් කිරීමට සමත් වුනා.

පන්දු යැවීමේදී ලහිරු කුමාර කඩුලු 2ක් බිඳ හෙලු අතර දුෂ්මන්ත චමීර සහ චාමික කරුණාරත්න එක් කඩුල්ල බැගින් බිඳ හෙලුවා.

තරඟයේ වීරයා සහ තරඟාවලියේ වීරයා යන සම්මාන දිවිත්වයම Shreyas Iyer හට හිමි වුනා.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button