Cricket NewsEXCLUSIVEWoman Cricket

හර්ෂිතා සහ නිලක්ෂිගේ විශිෂ්ට පිතිකරණය හේතුවෙන් බංගලාදේශය පරාජය කරමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සිංහ දියණියන් සමත් වෙයි.!

හර්ෂිතා මාධවී සහ නිලක්ෂි ද සිල්වා එක්ව ගොඩනැගූ විශිෂ්ඨ ශතක සබඳතාව හේතුවෙන් විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශයට එරෙහිව දකුණු අප්‍රිකා‍වේ කේප් ටවුන්හිදී ඊයේ (12) පැවැති තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වුනා.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ පිතිකාරිණියන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 126 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඕෂධී රණසිංහ ලකුණු 23 කට කඩුලු 2 ක් දවාගත් අතර බංග්ලාදේශ පිතිකාරීණියක් පීඩනයට පත්කිරීම සඳහා ඇයට අනගි සහායක් දුන් නායිකා චමරි අතපත්තු ලකුණු 19 කට කඩුලු 2 ක් බිඳහෙළුවා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 127 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ කඩුලු 3 ක් ලකුණු 35 ක් ඇතුළත බිඳ වැටුණි. එහෙත් සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 79 කදී ලකුණු 104 ක වේගවත් නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගූ හර්ෂිතා සහ නිලක්ෂි පන්දු 10 ක් ඉතිරිව තිබියදීම සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියා.

එහිදී පන්දු 50 කට මුහුණදුන් ආරම්භක පිතිකාරිණී හර්ෂිතා හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමග සිය තෙවැනි විස්සයි-20 අර්ධ ශතකය ලබා ගත් අතර පන්දු 38 කදී වාර්තා වූ නිලක්ෂිගේ ඉනිමට හතරේ පහර 2 ක් ඇතුළත් විය. නායිකා චමරි අතපත්තු පන්දු 17 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 15 ක් ලබා සිටියදී දැවී ගියාය.

නායිකාවද ඇතුළත්ව මුල් පිතිකාරිණියක් තිදෙනෙක්ම අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවී ගොස් තිබියදී, ඉතා දක්ෂ ලෙස බංග්ලාදේශ පන්දු යවන්නියන් මෙල්ල කළ හර්ෂිතා සහ නිලක්ෂි කිසිදු කලබලයකින් තොරවම ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කිරීමට සමත් වුනා. මෙම ජයග්‍රහණයත් සමග පළමු කාණ්ඩයේ පෙරමුණ ගැනීමටද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකියාව ලැබුනා.

බංග්ලාදේශ කාන්තා කණ්ඩායම – 126/8 (20)

(ශමීමා සුල්තාන් 20,‍ සෝභනා මොටෙරි 29, නිගාර් සුල්තානා 28, ඕෂධී රණසිංහ 23/3, චමරි අතපත්තු 19/2)

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම – 29/3(18.2)

(හර්ෂිතා මාධවී නොදැවී 69, චමරි අතපත්තු 15, නිලක්ෂි ද සිල්වා නොදැවී 41, මරූ‍ෆා අක්තර් 23/3)

තරඟාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7