Cricket NewsEXCLUSIVEInternational

ටෙස්ට් පිටියේ එක්දින ප්‍රහාරයක් දියත් කරමින් ඩේවිඩ් වෝනර් විශිෂ්ට ද්විත්ව ශතකයක් රැස් කරයි – දකුණු අප්‍රිකාවට එරෙහිව ඕස්ට්‍රේලියාව ප්‍රභල තත්වයක.!

දකුණු අප්‍රිකා පන්දු යවන්නන්ට අමතක නොවන ප්‍රහාරයක් දියත් කරමින් ඩේවිඩ් වෝනර් රැස් කල ද්විත්ව ශතකය හේතුවෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය (27) අවසන් වන විට කඩුලු 3 ක් දැවී ලකුණු 386 ක් ලබා ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් ව සිටිනවා.

මේ වන විට ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමු ඉනිමේදී කඩුලු 7 ක් ද සහිතව දකුණු අප්‍රිකාවට වඩා ලකුණු 197 ක් ඉදිරියෙන් සිටින අතර තරමක් වේගයෙන් ලකුණු රැස්කළ ඩේවිඩ් වෝනර්, පන්දු 254 කදී සිය දෙවැනි ද්විත්ව ශතකය ලබාගත් අතර ඊට හයේ පහර 2 ක් සහ හතරේ පහර 16 ක් ඇතුළත් විය. ද්විත්ව ශතකය සම්පූර්ණ කර සිදු කල සැමරීමේදී පැමිණි ආබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහු පිටියෙන් ඉවත්ව ගිය අතර දිනය නිමාවන තෙක් යළි පන්දුවට පහරදීම සඳහා පිටියට පැමිණියේ නැත.

ස්ටීවන් ස්මිත් ලකුණු 85ක් රැස් කිරීමට සමත් වූ අතර දෙවැනි දිනය නිමාවට පත්වන විට ට්‍රැවීස් හෙඩ් ලකුණු 48 ක්ද, ඇලෙක්ස් කේරි ලකුණු 9 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටිනවා.

දකුණු අප්‍රිකානු පළමු ඉනිම – 189/10

ඕස්ට්‍රේලියානු පළමු ඉනිම -386/3

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button