Cricket NewsEXCLUSIVE

ලසිත් මාලිංගගේ පුහුනුකාරිත්වය යටතේ, මහේල උඩවත්ත, නුවන් කුලසේකර ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම Aussie Cricket League T20 ශුරතාවය ජයග්‍රහනය කරයි.!

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හිදී පැවති ඔසී ක්‍රිකට් ලීග් විස්සයි-20 තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මහේල උඩවත්තගේ නායකත්වයෙන් යුතුව සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා.

ඒ අවසන් මහා තරගයේදී පාකිස්තාන කණ්ඩායමට කඩුලු 5ක පරාජයට අතකරමිනි.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කරගත හැකිවූයේ ලකුණු 104ක් පමණයි.

පන්දු යැවීමේදී අරෝෂ් ජනෝද ලකුණු 20කට කඩුළු 3ක් දවාගත්තා.

ඒ අනුව ලකුණු 105ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 5කදී කඩුලු 5ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඩිලාන් චන්දිම ලකුණු 30ක් රැස් කළා.

ඒ අනුව අවසන් තරගයෙන් කඩුලු 5ක ජයක් හිමිකර ගත් ශ්‍රී ලංකා කණ්ඩායම ඔසී ක්‍රිකට් ලීග් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට සමත් වුනා.

මෙම තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ජාතික කණ්ඩායම නියෝජනය කළ හිටපු ක්‍රීඩකයින් වන මහේල උඩවත්ත සහ නුවන් කුලසේකර සහභාගි වූ අතර ලසිත් මාලිංග පුහුණු කාර්ය මණ්ඩලයට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button