Cricket NewsEXCLUSIVEInternationalMatch Review

Sikandar Raza ඇතුළු සිම්බාබ්වේ පිතිකරුවන්ගේ සුපිරි පිතිකරණය හමුවේ බංගලාදේශයට පළමු T20 තරඟයෙන් අවමන්සහගත පරාජයක්.!

බංගලාදේශය සහ සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන තරඟ 3කින් සමන්විත විස්සයි-20 තරඟාවලියේ Harare හිදී පැවති පළමු තරඟයෙන් බංගලාදේශයට ලකුණු 17ක අවමන් සහගත පරාජයක් උරුම කරමින් තරඟාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුනා.

අද තරඟයේ කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ නායකයා ප්‍රථමයෙන් පන්දුවටපහර දීමට තීරණය කළා.

එ අනුව පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 205ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැගීමට සමත් වුණා.

සිම්බාබ්වේ වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Sikandar Raza පන්දු 26කදී ලකුණු 65ක් වාර්තා කිරීමට සමත් වුයේ දැවැන්ත හයේ පහරවල් 4ක් සහ හතරේ පහර 7ක් එල්ල කරමිනි. ඊට අනගි සහයක් දුන් Wesley Madhevere පන්දු 46ල තුල ලකුණු 67ක් රැස් කලා. Sean Williams ලකුණු 33යි.

පන්දු යැවීමේදී Mustafizur Rahman කඩුලු 2ක් බැගින් බිඳ හෙලීමට සමත් වුවත් ඔහුගේ පන්දුවාර 4තුල ස්ම්බබ්වේ පිතිකරුවන් ලකුණු 50ක් උදුරා ගැනීමට සමත් වුනා.

ඒ අනුව ලකුණු 206ක දැවැන්ත ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි බංගලාදේශ පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රස කර ගැනීමට හැකි වුයේ ලකුණු 188ක් පමණයි

බනග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක Nurul Hasan ලකුණු 42ක් රැස් කල අතර Najmul Hossain Shanto ලකුණු 37ක් රැස් කළා.

පන්දු යැවීමේදී Luke Jongwe කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වුනා.

දෙරට අතර පැවැත්වෙන දෙවන විස්සයි-20 තරඟය හෙට පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button