Cricket NewsEXCLUSIVEInternational

බංගලාදේශ ක්‍රීඩකයන් තරඟ නරඹන්නන් බවට පත් කළ සිම්බාබ්වේ පිතිකරු Sikandar Razaගේ ගිණිකෙළි සැණකෙළිය.!

බංගලාදේශය සහ සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන තරඟ 3කින් සමන්විත විස්සයි-20 තරඟාවලියේ Harare හිදී පැවති පළමු තරඟයෙන් බංගලාදේශයට ලකුණු 17ක අවමන් සහගත පරාජයක් උරුම කරමින් තරඟාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුනා.

මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 5 ක් පමණක් දැවී ලකුණු 205 ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩ නැගීමට සමත් වුනා.

එම දැවැන්ත ලකුණු පුවරුවේ අත්‍යවශ්‍යම කාර්යභාරය ඉටු කළ Sikandar Raza පන්දු 26ක් තුළ අධිවේගී ලකුණු 65 ක් රැස් කිරීමට සමත් වුණේ දැවැන්ත හයේ පහරවල් 4ක් සහ හතරේ පහර 7ක් ක්‍රිඩාංගණයෙව් එපිටට එල්ල කරමිනි.

Sikandar Razaගේ මෙම වේගවත් ඉණිමේ පිතිකරණ සමාන්‍ය 250.00 ක් ලෙස සටහන් වූ අතර සිම්බාබ්වේ කණ්ඩායමට දැවැන්ත ලකුණ පුලුවන් කරා යාමට උපකාරී වූ මෙම ජයග්‍රාහි ඉණිම හේතුවෙන් Sikandar Raza තරඟයේ වීරයා සම්මානයට ද පාත්‍ර වුණා.

ජාත්‍යන්තර විචාරකයින්ගේ පවා අවධානය මෙම විශිෂ්ට ජයග්‍රහණයත් සමග සිම්බාබ්වේ වෙත යොමු වූ අතර බංග්ලාදේශ පරාජ ගොන්නට තවත් අවමන් සහගත පරාජයක් එලෙසින් එකතු වුණා.

බංගලාදේශ ක්‍රීඩකයින් ප්‍රේක්ෂකයින් බවට පත්කරමින් Sikandar Raza එල්ල කළ දැවැන්ත පිතිකරණය පහතින් නරඹන්න.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button