Cricket NewsEXCLUSIVEWoman Cricket

ප්‍රභල ඉන්දීය කාන්තා කණ්ඩායම පරාජය කරමින් 7වන වතාවටත් ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම කාන්තා විස්සයි-20 ලෝක කුසලාන අවසන් මහා තරගයට.!

මෙවර දකුණු අප්‍රිකාවේ දී පැවැත්වෙන කාන්තා විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගය ලෙස ඉන්දීය කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 5ක තියුණු ජයග්‍රහණයක් හිමිකර ගනිමින් 7වන වරටත් කාන්තා විස්සයි-20 ලෝක කුසලාන අවසන් මහා තරගය නියෝජනය කිරීමේ වරම් හිමිකර ගැනීමට ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද සමත් වුණා.

තරඟයේ කාසියේ ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියානු නායිකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කල අතර ඒ අනුව පිටියට පිවිසි ස්ට්‍රේලියානු පිතිකාරිනියන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 172ක් රැස් කිරීමට සමාත් වුනා.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Beth Mooney පන්දු 37කදී ලකුණු 54ක් වාර්තා කිරීමට සමත් වුනා.

Meg Lanning ලකුණු 49ක් රැස් කළ අතර Ashleigh Gardner ලකුණු 31ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Shikha Pandey කඩුලු 2ක් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 173ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ඉන්දීය පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රස කර ගැනීමට හැකි වුයේ ලකුණු 167ක් පමණයි

ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Harmanpreet Kaur පන්දු 34ක් තුල වෙගවත් ලකුණු 52ක් රැස් කල අතර Jemimah Rodrigues ලකුණු 43ක් රැස් කළා.

 

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7