Cricket NewsEXCLUSIVE

නවසීලන්ත සංචාරය ඉලක්ක කරමින් රඳැල්ලෙ පැවති සතියක විශේෂ පුහුණුව අවසන් කළ ශ්‍රී ලංකා කණ්ඩායම නැවතත් කොළඹට.!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අතිශය තීරණාත්මක තරඟාවලියක් ලෙස ටෙස්ට් තරඟ 2ක් එක්දින තරඟ 3ක් සහ විස්සයි-20 තරඟ 3කින් සමන්විතව ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසිලන්ත තරඟ සංචාරය එළඹෙන මාර්තු 9 වන දා සිට ආරම්භ වීමට නියමිත ය.

මෙම තරඟාවලි හි ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය වැදගත් වී තිබෙනවා. ඊට හේතුව ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරඟයට පිවිසීමට මෙම තරඟ ද්විත්වයම ජයග්‍රහණය කිරීම අනිවාර්ය වී තිබීම හේතුවෙනි. එමෙන්ම ඉදිරියේදී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරඟාවලියට ඍජු ව සුදුසකම් ලබා ගැනීමට නම් මෙම එක්දින තරඟාවලිය ද ජයග්‍රහණය කිරීම ද ශ්‍රී ලංකා කණ්ඩායමට අනිවාර්ය සාදකයක් බවට පත් ව තිබෙනවා.

මේ අතර එළඹෙන නවසිලන්ත තරග සංචාරයට පෙර ඊට සුදානම් වීමේ අරමුණින්, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගිය 17 වනදා සිට සතියක විශේෂ පුහුණු කඳවුරක් නුවරඑළිය රදැල්ල ක්‍රීඩාංගනයේදි පවත්වනු ලැබු අතර එම පුහුණු කඳවුර නිමා වීමෙන් අනතුරුව අද පස්වරුවේ ශ්‍රී ලංකා කණ්ඩායම නැවතත් කොළඹට පැමිණිමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිඩකයන් රඳැල්ලෙ පුහුණුවීම් වල නිරත වූ ආකාරය පහතින් නරඹන්න

01

02

03

04

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7