Cricket NewsEXCLUSIVEInternational

එක්සත් අරාබි එමීර් රාජ්‍යය පරදා 2023 ආසියානු කුසලානය සඳහා නේපාලය සුදුසුකම් ලබයි!

ACC Men’s Premier කුසලාන අවසන් මහා තරගයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව කඩුලු 7ක ජයග්‍රහණයක් ලද නේපාල ක්‍රිකට් කණ්ඩායම 2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදාකර ගත්තා.

මෙම අවසන් මහා තරගය මැයි 01 දින ආරම්භ වූ නමුත්, තරගය අතරතුර වර්ෂාවෙන් බාධා එල වීම නිසා අතිරේක දිනය ලෙස නම් කර තිබූ ඊයෙ දිනය තෙක් තරගය කල් දමනු ලැබුවා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නේපාල නායක Rohit Paudel විසින් සමත් වූ අතර ඔහු පලමුව පන්දු රැකීමට තීරණය කළා.

පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට පන්දුවාර 33යි එක් පන්දුවක දී සියල්ලන් ම දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 117ක් පමණයි.

එමීර් රාජ්‍යය වෙනුවෙන් ඉහළ ම ලකුණු ලාභියා වූ Asif Khan විසින් ලකුණු 46ක් ලබා ගැනීමට සමත් වුනා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල නේපාලය පන්දුවාර් 30 පන්දු 03 කදී කඩුළු 3ක් දැවී ලකුණු 118ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කල අතර ආසියානු කුසලානය සදහා තම ස්ථානය වෙන් කර ගැනීමටද සමත් උනා. ඔවුන් එම තරගාවලියේ දී ඉන්දියාව සහ පාකිස්තානය සමඟින් A කාණ්ඩයෙන් තරග වැදීමට නියමිතයි.

මෙන් ම එම තරගාවලියේ B කාණ්ඩය නියෝජනය කරමින් ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය ද මෙවර ආසියානු කුසලානය වෙනුවෙන් තරග වඳිනු ඇති.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7