Cricket NewsEXCLUSIVE

රැස් කළ ලකුණු 144 Sunrisers Hyderabad පිතිකරුවන්ගෙන් ආරක්ෂා කරගනිමින් Delhi Capitals කණ්ඩායම තරඟාවලියේ දෙවන ජයග්‍රහණය වාර්තා කරයි.!

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 34වන තරගය ලෙස Delhi Capitals කණ්ඩායම සහ Sunrisers Hyderabad කණ්ඩායම් අතර පැවති තරඟයෙන් ලකුණු 7ක ජයක් හිමිකර ගැනීමට Delhi Capitals කණ්ඩායම සමත් වුනා.

තරඟාය් කාසියේ වාසිය දිනාගත් Delhi Capitals ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

එ අනුව පන්දුවට පහර දුන් Delhi Capitals කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 144ක් රැස් කිරීමට සමත් වුණා.

Delhi Capitals වෙනුවෙන් Manish Pandey පන්දු 27කදී ලකුණු 34ක් වාර්තා කිරීමට සමත් වුනා.

Axar Patel ලකුණු 34ක් රැස් කළ අතර Mitchell Marsh ලකුණු 25ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Washington Sundar කඩුලු 3ක් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 144ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Sunrisers Hyderabad පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රස කර ගැනීමට හැකි වුයේ ලකුණු 137ක් පමණයි

Sunrisers Hyderabad ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Mayank Agarwal පන්දු 39ක් තුල ලකුණු 49ක් රැස් කල අතර Heinrich Klaasen ලකුණු 31ක් රැස් කළා.

පන්දු යැවීමේදී Axar Patel සහ Anrich Nortje කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වුනා.

නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
4
+1
0
+1
2
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7