Cricket NewsEXCLUSIVE

නායක Andrew Balbirnie ඇතුළු අයර්ලන්ත ක්‍රීඩකයන්ගේ සුපිරි පිතිකරණය හේතුවෙන් දෙවන ටෙස්ට් තරඟයේ පළමු දිනය අවසන් වන විට තරඟයේ සම්පූර්ණ පාලනය අයර්ලන්තයට !

සංචාරක අයර්ලන්ත කණ්ඩායමත් ශ්‍රී ලංකා කණ්ඩායමත් අතර පැවැත්වෙන තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලියේ දෙවන තරඟය අද ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.ගාලු තණතීරුවේ තීරණාත්මක සාධකය වන කාසියේ වාසිය ජයගත් අයර්ලන්ත නායක ඇන්ඩෲ බැල්බර්නි මුලින්ම පන්දුවට පහර දෙන්නට තීරණය කල අතර එම තීරණයට සාධාරණයක් කල බැල්බර්නි ප්‍රමුඛ අයර්ලන්ත පිතිකරුවන් පළමු දිනය අවසන් වන විට තරඟයේ පාලනය ඔවුන් නතුකරගෙන අවසන්.

තරඟයේ පළමු දිනයට කාලගුණයෙන් කිසිම බාධාවක් එල්ල නොවුනු අතර දිනයේ නියමිත පන්දුවාර 90 තුල ඔවුන් කඩුලු 4 ක් පමණක් දැවී ලකුණු 319 ක් රැස් කලේය.

අගනා ඉනිමක් දියත් කල නායක බැල්බර්නි හතරේ පහර 14 ක් සමඟින් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ඉහළම ලකුණු සංඛ්‍යාව රැස් කරමින් ලකුණු 95 ක් රැස් කලේය.ඔහුට අගනා සහයක් වූ පෝල් ස්ටර්ලිං හතරේ පහර 6 ක් හා හයේ පහර 3 ක් සමඟින් ලකුණු 74 ක් රැස් කල අතර ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් විය.

නායක බැල්බර්නි සමඟින් එක්ව අයර්ලන්ත ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම සබඳතාව ගොඩ නැඟූ කඩුලු රකින ක්‍රීඩක ලොක්රන් ටකර් නොදැවී ලකුණු 78 ක් හා කර්ටිස් කැම්පර් නොදැවී ලකුණු 27 ක් රැස් කරගනිමින් දිනය අවසන් වන විට කඩුල්ලේ රැඳී සිටියේය.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ප්‍රභාත් ජයසූරිය කඩුලු දෙකක් හා රමේශ් මෙන්ඩිස් හා අසිත ප්‍රනාන්දු අතර එක කඩුල්ල බැගින් බෙදී ගියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
0
+1
9
+1
4
+1
3
+1
3

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button