Cricket NewsEXCLUSIVEIPLMatch Review

වනිඳු හසරංගගේ සුපිරි පන්දු යැවීම හේතුවෙන් Sunrisers Hyderabad පරාජය කළ RCB ලකුණු 67ක දැවැන්ත ජයක් වාර්තා කරයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 54වන තරගය ලෙස Sunrisers Hyderabad කණ්ඩායම සහ වනිදු හසරංග ක්‍රීඩා කරන Royal Challengers Bangalore කණ්ඩායමත් අතර තරඟයෙන් Royal Challengers Bangalore කණ්ඩායමට ලකුණු 67ක දැවැන්ත ජයක් හිමි වුනා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල Sunrisers Hyderabad නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Royal Challengers Bangalore කණ්ඩායමට ආරාධනා කර සිටියා

ඒ අනුව පිටියට පිවිසි Royal Challengers Bangalore පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 192ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩ නැගීමට සමත් වුනා.

Royal Challengers Bangalore වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ නායක Faf du Plessis පන්දු 50කදී ලකුණු 73ක් වාර්තා කිරීමට සමත් වුනා.

Rajat Patidar ලකුණු 48ක් රැස් කළ අතර Glenn Maxwell ලකුණු 33ක් රැස්කිරීමට සමත්වුණා.

ඒ අනුව ලකුණු 193ක දැවැන්ත ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Sunrisers Hyderabad පිතිකරුවන්ට පන්දුවාර 19.2ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 125ක් පමණයි.

Sunrisers Hyderabad ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Rahul Tripathi පන්දු 37ක් තුල වෙගවත් ලකුණු 58ක් රැස් කල අතර Aiden Markram ලකුණු 21ක් රැස් කළා.

ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග අද දිනයේත් සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් Sunrisers Hyderabad කණ්ඩායම අසරණ කිරීමට සමත් වුයේ එහි නම් දැරූ ප්‍රභල පිතිකරුවන් ඇතුළුව කඩුලු 5ක් දවා ගනිමිනි. වනිඳුට අමතරව Josh Hazlewood කඩුලු දෙකක් බිඳ හෙලුවා.

තරඟාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button