Cricket NewsEXCLUSIVE

අවලාද අපවාද මැද කල්පයකට විකල්ප තනාදුන් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ තේරීම් කමිටුවට “වඩා සුදුසු අය” සිටින බව පවසමින් ඔහුව ඉවත් කිරීමට සැරසෙන ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව.!

අවලාද අපවාද මැද කල්පයකට විකල්ප තනාදුන් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ තේරීම් කමිටුවට “වඩා සුදුසු අය” සිටින බව පවසමින් ඔහුව ප්‍රතික්ෂේප කළ ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව.!

ජයග්‍රහණය සිහිනයක් බවට පත් වෙමින් පරාජයේ අඳුරු වළාවන්ගෙන් වෙලාගෙන තිබූ ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රිඩාව මේ වන විට නැවතත් හිස ඔසවමින්, අවසන් පන්දුව තෙක් අවසන් ලකුණ තෙක් තරඟයක් අත නොහරින සටන්කාමී කණ්ඩායමක් බවට පරිවර්තනය වෙමින් තිබෙන බව රහසක් නොවේ. හර්ශා බෝග්ලෙ, සයිමන් ඩුල් වැනි ජාත්‍යන්තර විස්තර විචාරකයන්ගෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ දියුණුව පිළිබඳ අසන්නට ලැබෙන ප්‍රකාශයන් ඊට කදිම උදාහරණයන්.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙම විශිෂ්ට පිබිදීම පිටුපස තවත් දැවැන්ත චරිතයක් සහ ඔහුගේ කාර්ය මණ්ඩලය විශාල පරිශ්‍රමයක් දරනු ලැබුවා. ඒ අන් කිසිවකු නොව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ඇතුළු තේරීම් කමිටුවයි. ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිත්වය නිල වශයෙන් භාර ගැනීමෙන් අනතුරුව ලබාගත් මතභේදාත්මක තීන්දු තීරණ හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන්ගෙ,මාධ්‍යයෙන් සහ ⁣ඇතැම් ජේශ්ඨ ක්‍රිඩකයන්ගෙන් පවා ප්‍රමෝද්‍ය වෙත එල්ල වුණේ දැඩි පීඩනයක්.

කෙසේ නමුත් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ සැලැස්ම වූයේ තවදුරටත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් මත යැපෙන්නේ නැති තරුණ ශ්‍රී ලංකා කණ්ඩායමක් නිර්මාණය කිරීමයි.

ඒ පිළිබඳව එකල මාධ්‍ය විමසද්දී ප්‍රමෝද්‍ය මෙලෙස අදහස් දක්වා සිටියා, “අපි යම් අලුත්, නැවුම් දෙයක් කරන්න උත්සාහ කරද්දී අපි ලොකු විවේචන බලාපොරොත්තු වෙන්න ඕනේ. විශේෂයෙන් සමාජ මාධ්‍යවලින්. අපි මෙතනට ආවේ ඒක ගැන දැනගෙන. විවේචන කියන දේවල් අපිට කිසිම ප්‍රශ්නයක් නෙමෙයි.”

විවිධ උත්සාහයන් කිහිපයක්ම ආරම්භයේ පටන්ම ගත් අතර පළමු උත්සාහයක් කිහිපය අසාර්ථක වුවත් නායක දසුන් ශානක ප්‍රමුඛ තරුණ ශ්‍රී ලංකා කණ්ඩායම ආරම්භයේ පටන්ම ස්වර්ණමය ශ්‍රී ලංකා ක්‍රිකට් පරිජ්ජේදයක පෙරමන් පෙන්වනු ලැබුවා. ඊට ආසන්නතම සිදුවීම වූයේ 2021 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ කැපී පෙනෙන දස්කම්.

එතැන් පටන් පියවරෙන් පියවර ඉදිරියට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වසර 8කට පසුව 2022 වසරේදී ආසියාවේ නම් දැරෑ සියලුම කණ්ඩායම් පරාජයට පත් කරමින් ආසියානු කුසලානය දෑතට ගැනීමට සමත් වුණා.

තරුණ ක්‍රීඩකයින් රැසකගෙන් සමන්විත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝකයේ පෙරළිකාර කණ්ඩායමක් බවට ක්‍රම ක්‍රමයෙන් පත්වුයේ ලොව වටා ක්‍රිකට් රසිකයන්ගේ ද අවධානය දිනාගනිමිනි.

පරාජයන් රැල්ලකට හසු වී තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිට ලෝකයේ දැවැන්තම ප්‍රිමියර් ලීග් තරගාවලින් හි කෝටි ගණනින් වෙන්දේසි ට පත්වන ක්‍රීඩකයින් දක්වා වසර දෙකක් තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පැමිණි ගමන් මගේ විශිෂ්ටත්වය අවිවදොත්මකය.

එවකට ඔහුගේ තීරණ අසාර්ථක වී කණ්ඩායම පරාජයට පත් වන විට මෝද්‍ය වික්‍රමසිංහ ප්‍රකාශ කර සිටියේ ” මම මේ කරන දේවල් වල ප්‍රතිඵල ලැබෙන්න තව අවුරුදු දෙක තුනක් යයි. එතකල් මට බැනුම් අහන්නත් වෙයි. මේ කරපු දේවල් වල ප්‍රතිඵල ලැබෙන කාලයේ සිටින තේරිම් කමිටුව ප්‍රශංසා ලබා ගනියි. අද මට බැන්නට කමක් නැ. හෙට අපි ඔක්කෝම එකතු වෙලා ලංකාව දිනනවා බලලා සතුටු වෙන්න පුළුවන් නම්…”

එදා ප්‍රමෝද්‍ය කිවූ දේ අද සත්‍යයක් බවට පත්වී තිබේ. වර්ණමය යුගයක් කරා නැවතත් තැන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වන විටත් සාර්ථකව සිය ගමන් මග අරඹා ඇත.

කෙසේ නමුත් මෙම සාර්ථක ගමන් මගෙහි අසීරුතම, කටුකම ස්ථානයන් වලදීත් ශ්‍රී ලංකා ක්‍රිකට් අත් නොහැරි වීරයාට – එම තනතුරු සඳහා “වඩාත් සුදුසු අය” සිටින බව පවසමින් ප්‍රතික්ෂේප කිරීමට ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව තීරණය කර තිබනවා. වැඩිදුරටත් ජාතික ක්‍රිඩා කවුන්සිලය සඳහන් කර තිබෙන්නේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ස්ථාවරත්වය යළි ඇති කිරීම සඳහා වෘත්තීයමය වශයෙන් සුදුසුකම් ලත් තේරීම් කමිටුවක් තෝරා ගැනීම යුගයේ අවශ්‍යතාවයක් බව ඔවුන් විශ්වාස කරන බවයි.

ඒ අනූව බොහෝවිට ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවට වෙද්දීය ඔවුන්ගේ ස්ථානය අහිමි වී යනු ඇත. කෙසේ නමුත් ‍අවලාද අපවාද දහසක් මැද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කළ සේවය සැබෑ ක්‍රිකට් රසිකයන්ට දිවි ඇති තුරාවට අමතක නොවනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7